මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර පාසල් කිහිපයක මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සිසු අයිතියට

    ජූලි 08, 2014

    රත්නපුර ජේසු බිළින්දාගේ කන්‍යාරාමය ජාතික පාසල වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබාදුන් පරිගණක ඒකකයක් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිසු අයිතියට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ දහසක් පාසල් සංවර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ එස්.එල්.එම්.ඩී. පියසේන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    රත්නපුර සීවලී මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමත් අද පෙරවරු 10.30ට රත්නපුර සුමනබාලිකා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම හා මහින්දෝදය තාක්ෂණ පීඨයට මුල්ගල තැබීමත් සිදු කරනු ඇත.

    අද මධ්‍යහ්න 12.00ට දොඩම්පේ රාහුල විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කරන අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස කටයුතු කරන්නේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය.
     

    මේ අවස්ථාවන් සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් හා පළාත් අධ්‍යාපන අමාත්‍ය භාණු මුනිප්‍රිය යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya