මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නිලධාරීන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීමේ වැඩසටහන නුවරඑළියේ දී ඇරඹෙයි

    ජූලි 08, 2014

    රාජ්‍ය නිලධාරීන් වෙත පරිගණක සාක්ෂරතා දැනුම ලබා දීමත් එය ඉහළ නැංවීම සඳහා වන පුහුණු වැඩසටහනෙහි සමාරම්භක උත්සවයත් ඊයේ (07) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.

    රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරුණු මෙම වැඩසටහන සඳහා රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා සහභාගීත්වයෙන් පැවැත්විණි. 

    පරිගණක සාක්ෂරතාවෙන් යුත් රජ්‍ය නිලධාරීන් තුළින් වඩාත් කාර්යක්ෂම සහ මහජන සේවාවක් සම්පාදනය කිරීම මෙහි අරමුණයි. රාජ්‍ය ආයතනයන්හි සේවයේ නියුතු නිලධාරීන් 50කට ආසන්න ප්‍රමාණයක් මේ වැඩසටහන සඳහා සහභාගී වී සිටි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්හට ද මීට සහභාගී වීමට අවස්ථාව හිමි වේ. 

    රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන තුළ විවිධ වූ කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මකය. එමෙන් ම ඊ සේවාවන් ව්‍යාප්ත කිරීමත් ඒ මඟින් කාර්යක්ෂම මහජන සේවාවක් සපයා දීමත් මෙම පරිගණක පාඨමාලාවන් හි මූලිකම අරමුණයි. මේ වන විට ඒ සඳහා පාඨමාලා 34කට ආසන්න ප්‍රමාණයක් ආරම්භ කොට තිබේ. මෙම පුහුණු වැඩසටහන සඳහා රාජ්‍ය සේවයේ නියුතු රියදුරු මහන්තුන්ට ද විවෘත බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 

    මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි  වී සිටියහ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya