මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර රැකියා සමාජ වැඩසටහනින් 30 දෙනෙකුට රැකියා

    ජූලි 07, 2014

    මාතර දිස්ත‍්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් උදෙසා දින 08ක රැකියා සමාජ වැඩසටහනක් පසුගියදා මාතර විදාතා සම්පත් මධ්‍යස්ථානයේදි පවත්වන ලදි.

     

    දින 08ක් පුරා සාර්ථකව පැවැති එම වැඩසටහනට සහභාගි වූ දිස්ත‍්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 30 දෙනෙකු පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමු කිරීම මේ දිනවල සිදුවේ.


    විරැකියාව අවම කිරීම සඳහා කටයුතු කරන මින්ස්බල හා රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුවේ තවත් එක් වැඩසටහනක් ලෙස මෙය ක‍්‍රියාත්මක කළ බව මාතර ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි එම්.ඩී. ප‍්‍රියවර්ධන මහතා පැවසීය.


    මෙහි සම්පත් දායකයින් වශයෙන් මානව සම්පත් සංවර්ධන නිලධාරීන් හා වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් කටයුතු කර ඇත.


    ඵලදායිතා ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ මිනිස්බල හා රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය රැකියා සේවා මධ්‍යස්ථානය හා මාතර ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.


    HC/TI_dmu_matara

    matara news jobs

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya