මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන්වන ලෝකයේ රටවල ගෝත‍්‍රික දේශපාලනඥයින් තොරතුරු බෙදාගන්න අකමැතියි

    ජූලි 07, 2014

    තුන්වන ලෝකයේ රටවල ගෝත‍්‍රික දේශපාලනඥයින් තොරතුරු බෙදාගන්න අකමැතියි. ඔවුන්ට පැවැත්මක් තිබෙන්නේ, තොරතුරු සඟවා සිටින තාක් කල් පමණක් බව ඔවුන් දන්නවා. පැවැත්ම ආරක්ෂා කරගන්න තොරතුරු සඟවන දේශපාලනඥයින් අපේ රටේත් ඉන්නවා යැයි යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා අද (07) කොළඹදී ප‍්‍රකාශ කළේය.


    තොරතුරු බෙදාගන්න අකමැති නිලධාරීන් රාජ්‍ය සේවය තුළ ප‍්‍රබලව දක්නට ලැබෙන බවත්, බොහෝ නිලධාරීන් ගිරය ටෙලි නාට්‍යයේ ‘‘ලුසි හාමි’’ වගේ බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.


    ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පරිගණක ක්ෂේත‍්‍රයට, ජාවා තාක්ෂණ හා උසස් අධ්‍යාපන ආයතනයේ සහය ඇතිව ආයතන තොරතුරු කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.


    අදාළ ගිවිසුමට ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් එහි සභාපති, කර්නල් දර්ශන රත්නායක, ජාවා තාක්ෂණ හා උසස් අධ්‍යාපන ආයතනය වෙනුවෙන් එහි සභාපති, ඉෂාන්ත සිරිබද්ධන යන මහත්වරුන් විසින් අත්සන තබන ලදී. මෙයට සමගාමීව ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ඉගෙනුම් සම්පත් කළමනාකරණ පද්ධතිය හඳුන්වාදීමද සිදුකරන ලදී.


    අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය. “ජාවා තාක්ෂණ හා උසස් අධ්‍යාපන ආයතනයට පළමුව අමාත්‍යාංශයේ ප‍්‍රණාමය පුද කරනවා. වෘත්තීය පුහුණු අධිකාරිය ගමන් මගේ අද තවත් එක් සන්ධිස්ථානයක්. අද හඳුන්වාදෙන ඉගෙනුම් සම්පත් කළමනාකරණ පද්ධතිය ආයතනයේ ජාතික අරමුණ ඉටුකිරීමෙහිලා මහෝපකාරී වේවි. අපේ රටේ බොහෝ අය තොරතුරු තාක්ෂණයේ අංග සිය කාර්යයන් සඳහා යොදාගැනීමට මැලිකමක් දක්වනවා. විශේෂයෙන් රාජ්‍ය ආයතන තුල තොරතුරු තාක්ෂණය යොදාගැනීමේ පසුගාමී බවක් දක්නට තිබෙනවා. වනචාරී ගෝත‍්‍රිකයින් ගින්දර සොයාගත් වේලාවේ ඔවුන් හිතුවේ එය ලෝකයේ ඉහළම සොයාගැනීම කියලයි.  එඬේර යුගයේ රෝදය සොයා ගත්තාම එය විශ්ව කර්ම සොයාගැනීමක් බව සිතුවා. නමුත්, වත්මන් ලෝකයේ ප‍්‍රබලම සොයාගැනීම තොරතුරු තාක්ෂණයයි. ලෝකය මේ තරම් වෙනස් වූ යුගයක් අන් කවරදාකවත් තිබිලා නැහැ.


    90 දශකයේ මුල් භාගයේ ලෝකයේ තිබුණේ පරිගණක 14ක් පමණයි. ඒවා නාසා ආයතනය, පෙන්ටගනය වගේ ලෝකයේ ඉහළම තැන්වලයි, තිබුණේ. අපේ රටේ 2005 දී 5% වූ පරිඝනක තාක්ෂණය මේ වන විට 40%ක් දක්වා වැඩි වී තිබෙනවා.


    අපේ රටේ රාජ්‍ය ආයතන තුළ තොරතුරු හුවමාරු කරගැනීමේ විශාල මැලිකමක්  තිබෙනවා. කඩා වැටුණු බොහෝ තැන්වල එයට හේතුව තොරතුරු රැස්කර ගැනීමට තිබූ අසමත්කම බව තහවුරු වෙලා තිබෙනවා. තොරතුරු රැස්කර ගන්නේ තොරතුරු බෙදාගන්න අකමැති නිලධාරීන් බහුලයි. මේ තත්ත්වය රාජ්‍ය සේවය ඇතුළේ ප‍්‍රබලව දක්නට ලැබෙනවා. බොහෝ නිලධාරීන් ගිරය ටෙලිනාට්‍යයේ ‘‘ලුසි හාමි’’ වගෙයි. තොරතුරු පිළිබඳ තැකීමක්, උනන්දුවක් නොදැක්වීම රාජ්‍ය සේවයට වැළඳුන බරපතළ රෝගයක්.


    තුන්වන ලෝකයේ රටවල ගෝත‍්‍රික දේශපාලනඥයින් තොරතුරු බෙදාගන්න අකමැතියි. ඔවුන්ට පැවැත්මක් තිබෙන්නේ තොරතුරු සඟවා සිටින තාක් කල් පමණක් බව ඔවුන් දන්නවා. පැවැත්ම ආරක්ෂා කරගන්න තොරතුරු සඟවන දේශපාලනඥයින් අපේ රටෙත් ඉන්නවා. නමුත් අපි ඉතිහාසයේ පටන් තොරතුරු සම්බන්ධයෙන් උනන්දු වූ ජාතියක්. ඊ තුඩේ ගැටගහලා පණිවුව යැව්වා. කඳු මුදුන්වලට නැගලා තොරතුරු සෙව්වා. පරෙවියන්ගේ කකුලේ ගැටගහලා පණිවුඩ යැව්වා. මේ තරම් තොරතුරු සම්බන්ධයෙන් උනන්දු වූ අපි තොරතුරු තාක්ෂණයත් සමඟ කොතරම් දුරක් යා යුතුද?  


    ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති, කර්නල් දර්ශන රත්නායක, ජාවා තාක්ෂණ හා උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති, ඉෂාන්ත සිරිබද්ධන යන මහත්වරුද මෙහිදී කතා කළහ.  


    HC

    V.T.A MOU SIGN - WITH JAVA INSTITUTE 1

    V.T.A MOU SIGN - WITH JAVA INSTITUTE 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya