මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද ගැටුම් පැවති ප්‍රදේශවල කාන්තා මුලික පවුල් සඳහා ජීවනෝපාය සහන සැලසීම රජය අරඹයි

    ජූලි 07, 2014

    යුද්ධයෙන් වැන්දඹු භාවයට පත්ව සිටින කාන්තාවන් සඳහා ජීවනෝපාය සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දිවි නැගුම දෙපාර්තමේන්තුව සහ ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කර තිබේ.


    මෙම වැඩසටහනේ ප්‍රථම අදියර මේ වන විට උතුරු පළාතේ ක්‍රියාත්මක වෙමින් පවතී. එම පළාතේ ග්‍රාම සේවා වසම් 31ක පවුල් සඳහා ජීවනෝපාය සහන සැලසීම සිදු වන බව ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසයි.


    මෙම කාන්තාවන්ට සහන සැලසීමේදී අවශ්‍යව ඇත්තේ ස්ථීර ආදායමක් ඉපැයිය හැකි ආර්ථික ක්‍රමයක් බව ළමාරක්ෂක සහ කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) අශෝකා අලවත්ත මහත්මිය පවසයි. " ඔවුන්ගේ ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ ආදිය ලබා ගැනීම සඳහා ආධාර අපි සපයනවා" යැයි අලවත්ත මහත්මිය පැවසීය. ඇය වැඩිදුරටත් පවසන්නේ පළමු අදියර යටතේ උතුරු පළාතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්, කාන්තා මුලික පවුල් 25කට සහන සලසන බවයි.


    රාජ්‍ය  හා රාජ්‍ය නොවන ආයතන කිහිපයක් ම මෙම කර්තව්‍යය සඳහා සහාය ලබා දෙයි. ජර්මානු ආයතනයක් වන Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) හි මූලය අනුග්‍රහයෙන් ප්‍රජා මූලික නිලධාරීන්ට උපදේශන සහ පුහුණුවීම් ලබා දුන් බව ද ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසයි.


    Care International ආයතනයේ සහයෙන් කිළිනොච්චි සහ මුලතිව් යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය කාන්තා හා ළමා ඒකක ස්ථාපිත කර තිබෙන බව අමාත්‍යාංශ වාර්තා අනාවරණ කරයි. දුෂ්කර පළාත් තුළ සේවයේ නියුතු කාන්තා අභිවෘද්ධි නිලධාරීන් සඳහා යතුරුපැදි 22ක් ද එම ආයතනය ලබා දී තිබේ. උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ 9.87 ප්‍රකාරව මෙම වැඩසටහන් ක්‍රියාත්මක බව ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසයි.


    HC/llrcaction

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya