මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පටු දේශපාලන පක්ෂ සහ නායකයන් ජාතිවාදය අවුස්සා අවුල් කරන වෑයමක

    ජූලි 04, 2014
    පටු දේශපාලන පක්ෂ සහ නායකයන් ජනාධිපතිවරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක් ඉලක්ක කර ගෙන තම ඡන්ද පදනම සඳහා ජාතිවාදය අවුස්සා මේ රට අවුල් කරන වෑයමක යෙදෙන බව උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා පවසයි.
     
    ජාතිවාදය අවුස්සන, සිංහල, දමිළ, මුස්ලිම් කවුරු වුවත් නිර්දය ලෙස හෙළා දැකිය යුතු යැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    "රටේ බුද්ධිමත් ජනතාව මේ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කළ යුතුයි. මෙවැනි ක්‍රියා රටේ සංහිදියාවට විශාල බාධාවක්. මේවට උඩගෙඩි දෙන අන්තගාමී බලවේගත් තිබෙනවා. මේවා කටයුතු කරන්නේ බටහිර කුමන්ත්‍රණ එක්කයි. සිරියාවට, ඉරානයට, ඉරාකයට කළ දේම අපේ රටට කරන්න හදන්නේ. ඒ නිසා බටහිර රටවල් අපිට විවිධ චෝදනා ඉදිරිපත් කරලා ශ්‍රී ලංකාව බරපතළ අපහසුතාවකට පත් කරන්නට කටයුතු කරනවා. අපේ රජය අස්ථාවර කරන්නට ජාත්‍යතන්ත බලවේග කටයුතු කරගෙන යනවා. මේ රට අරාජික කරන්නටයි ඇතැම් බලවේග කටයුතු කරන්නේ. මෙහි කුමන්ත්‍රණ තිබෙනවා. මහින්ද රාජපක්ෂ රජය අස්ථාවර කරන්න ඔවුන්ට අවශ්‍යයයි".
     
    මේ රටේ ජනතාව 2005 දී අතිගරු ජනාධිපතිතුමාගෙන් අධ්‍යාපන පහසුකම්, කාපට් පාරවල් පානීය ජලය නොඉල්ලු බවත් මරණ බිය නොමැතිව ජීවත් විය හැකි නිදහස් රටක් ජනතාව ඉල්ලා සිටි බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ඒ වගකීම ජනාධිපතිතුමා බාරගෙන දරුණු ත්‍රස්තවාදි කණ්ඩායම පරාජයට පත් කළ බවත් පෙන්වා දුන්නේය.
     
    රජය ඉතා සැලසුම් සහගතව අධ්‍යාපනය සංවර්ධනය කරන්න, කෘෂිකර්මාන්තය නැංවීමට ප්‍රතිපත්ති මාලාවක් යටතේ කටයුතු කරන බවත් ඉන් ප්‍රතිලාභ ලබන ජනතාව මේ රටේ සිටිනවා යැයි ද අමාත්‍ය ජයරත්න හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පොල්ගහවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත මහින්දෝදය නව තාක්ෂණ විද්‍යාගාරයට මුල්ගල තැබීමේ උත්සවයට පසුගිය දා සහභාගී වෙමිනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya