මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාහිර පුද්ගලයින්ට රටේ ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමට රජයෙන් ඉඩක් නෑ

    ජූලි 04, 2014
    වගකිව යුතු රජයක් ලෙස බාහිර පුද්ගලයින්ට රටේ ප්‍රශ්න දඩමීමා කරගනිමින් අපේ රටේ ස්වෛරීත්වයට ඇඟිලි ගසන්නට කිසිවිටෙකත් ඉඩ නොතබන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 15ක වියදමින් ගැමිදිරිය ව්‍යාපෘතිය මඟින් බලංගොඩ තන්ජන්තැන්න ප්‍රදේශයේ ඉදිකළ සේවා පියස හා බහුකාර්ය ගොඩනැගිල්ල  විවෘත කිරිමේ උත්සවයට සහභාගි වෙමිණි.
     
    "අද  අපේ රටට විරුද්ධව දැවැන්ත ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දියත් වෙනවා. එහෙම කුමන්ත්‍රණ දියත්වෙන්න හේතුව වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, බටහිර රටවල් පවා දිනන්න බැහැ කියපු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාද කරලා දේශපාලනික ස්ථාවරත්වයක් අපි රට තුළ ගොඩනගාගෙන තියෙන නිසයි. අද අපි අපේම ආර්ථික ක්‍රමයකට රට සංවර්ධනය කරගෙන යනවා. පෙර නොවූ විරු දැවැන්ත සංවර්ධනයක් රට පුරා සිදුවෙනවා. ගම නගරය වෙනසක් නැතිව එක වේගයෙන් දියුණුවෙනවා දකින් පුළුවන්. මෙහෙම කරන අපේ රජය වෙනස් කරන්න ඕනේ කියලා බටහිර රටවල් කියන කොට එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි, ඒවට අලගු තියන පක්ෂවෙලා". 
     
    මේ ජනතාවාදි ආණ්ඩුව පෙරළන්න ජනතාවට අවශ්‍යතාවක් නොමැති බව ජනතා දේශපාලනඥයන් වශයෙන් තමන් දන්නා බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
     
     
    මෙම අවස්ථාවට සබරගමු පළාත් සභා මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල, බලංගොඩ ප්‍රාදේශිය සභා සභාපති සුනිල් ප්‍රේමසිරි, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් චම්පික ධර්මපාල මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
     
    DB
     
    MP WDJ 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya