මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල නගරය විශාල ජල සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා

    ජූලි 04, 2014

    කුරුණෑගල නගරය විශාල ජල සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වන බව වයඹ පළාත් සභා ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුයේ පසුගියදා කුරුණෑගල හේමාස් ආයතනයේ නව රසායනාගාරයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.


    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසුවේ, කුරුණෑගල දිස්ත්‍රික්කය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. අපි දැනට මිලියන 13000ක් වියදම් කරලා කුරුණෑගලට ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කරා. නගර සංවර්ධනය අතින් ගත්තා ම අපි විශාල වශයෙන් වැඩ කොටසක් කරගෙන යනවා. මම හේමාස් ආයතනයෙන් බලාපොරොත්තු වන්නේ නිවැරදි සේවයක් ලබාදෙන ආයතනයක් බවට පත්වෙන එකයි. ඒ වගේම අපි වැඩපිළිවෙළක් සකස් කරලා තියනවා ඖෂධ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා පිහිටුවන්න. වාරියපොළ ප්‍රදේශයේ අක්කර 50ක භුමි ප්‍රමාණයක් වයඹ පළාත් සභාවට අපි අරගෙන තියනවා. එයින් අක්කර 05 ගානේ ඖෂධ නිෂ්පාදනාගාර 10ක් පිහිටුවන්න කටයුතු කරනවා.  හේමාස් ආයතනයටත් ඒ කර්මාන්ත ශාලාවලට එකතුවෙන්න අවස්ථාව තියනවා. ඒ වගේම අද බිලියන 15ක් පමණ  අවුරුද්දකට වැය වෙනවා  විදේශ රටවල් වලින් ඖෂධ ගෙන්වා ගන්න. ඒ නිසා  ඖෂධ නිෂ්පාදනාගර බිහිකරන එකෙන් අපිට අපේ ම කියලා අනන්‍යතාවයක් ඇති වෙනවා. අපි ලංකාවේ පළවෙනි වතාවට තමයි වයඹ පළාතේ  ඖෂධ නිෂ්පාදනාගාරයක් ආරම්භ කරන්න යන්නේ. ඒ සඳහා මම මූලිකත්වය අරගෙන කටයුතු කරනවා.

    අද කුරුණෑගල නගරය ගත්තා ම ලංකාවේ දැවැන්තම වාණිජ නගරය බවට පත්වෙලා තියනවා. හැම ව්‍යාපාරයක් ම, හැම ආයතනයක් ම කුරුණෑගල නගරයට අද ඇවිත් තියනවා. ජනාධිපතිතුමාගේ නියමය පරිදි අපි ඊළඟට කුරුණෑගල හරහා උතුරු අධිවේගී මාර්ගය ආරම්භ කරනවා. කුරුණෑගල නගරය විශේෂයෙන් ම  ව්‍යාපාරික ක්ෂේත්‍රයේ  කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. මම ප්‍රධාන අමාත්‍යවරයා විදියට පත්වුණාට පස්සේ අපේ නගරාධිපතිවරයාගේ සහයෝගයත් එක්ක අපි වැඩපිළිවෙළක් පටන්ගත්තා කුරුණෑගල සංචාරක කර්මාන්තය දියුණු කරන්න. අපි දැනට මිලියන 13000ක් වියදම් කරලා කුරුණෑගලට ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කරා. තව අවුරුද්දක් දෙකක් ඇතුළත කුරුණෑගල නගරය විශාල ජල සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. නගර සංවර්ධනය අතින් ගත්තාම අපි විශාල වශයෙන් වැඩ කොටසක් කරගෙන යනවා. හේමාස් ආයතනයට විශේෂ වගකීමක් පැවරිලා තියනවා නගරයේ ජනතාව වෙනුවෙන් හරි දෙයක් කරන්න. කුරුණෑගල නගරයේ විවිධ රසායනාගාර තිබුණා. ඒත් නිවැරදි සේවයක් ලබාගන්න බැරිවුණ අවස්ථා තිබුණා. මම ප්‍රධාන අමාත්‍යවරයා විදියට පත්වුණාට පස්සේ අපේ නගරාධිපතිවරයාගේ සහයෝගයත් එක්ක අපි වැඩපිළිවෙළක් පටන්ගත්තා. කුරුණෑගල සංචාරක කර්මාන්තය දියුණු කරන්න.

    මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාරවර නීතිඥ තිස්ස ආර්. බලල්ල,  පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ, නාගරික මන්ත්‍රී කමල්  ගුණසිංහ යන මහත්වරු ඇතුළු මැතිඇමතිවරු විශාල පිරිසක් සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya