මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාතේ ප්‍රාථමික පාසල් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක්

    ජූලි 04, 2014
    බස්නාහිර පළාතේ ප්‍රාථමික පාසල් 535ක් ජනප්‍රිය පාසල් මට්ටමට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

    ප්‍රථමික පාසල් "ළමා මිතුරු පාසල්" ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වේ. පාසල් 161කට දැනටමත් ප්‍රතිපාදන ලබාදී ඇති බවත් සෙසු පාසල් සඳහා ද කඩිනමින් ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. 

    පාසල් 1000 වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ පාසල් 134ක සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතී. වැඩිම මුදල් ප්‍රමාණයක් බස්නාහිර පළාතේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් වැය කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. මේ පළාතේ පාසල්වල පංති කාමර 1712ක් ඉදිකිරීමට රුපියල් මිලියන 1267ක මුදලක් වැය කර තිබේ. 

    ඊට සමගාමිව අලුත්වැඩියා කෙරුණු ගොඩනැගිලි සංඛ්‍යාව 2221කි. රුපියල් 633ක් ඊට වැය කෙරිණි. රුපියල් මිලියන 113ක මුදලක් වැය කරමින් කාර්යාලයීය උපකරණ ලබාදීම ද සිදු කළ බව ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය. 

    බස්නාහිර පළාතේ භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම ගුණාත්මක වර්ධනය වෙනුවෙන්ද විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබේ. මේ වසර තුළ ද එම ව්‍යාපෘති ක්‍රියාවට නංවන බව ඔහු පෙන්වා දුන්නේය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya