මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සේවක පුහුණුව වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක්

    අගෝස්තු 16, 2017
    රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සේවයෙහි නියුතු සියලු කාර්ය මණ්ඩල වෙනුවෙන් පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා අංග සම්පූර්ණ මධ්‍යස්ථානයක් කෑගල්ල දෙහිඕවිට අටළුගම දී පසුගියදා විවෘත කරනු ලැබීය.
     
    සබරගමුව  පළාත් සභාව මගින් රුපියල් ලක්ෂ 225 වැයකර ඉදිකරනු ලැබූ මෙම පුහුණු මධ්‍යස්ථානයේ එකවර 200ක් වෙත පහසුවෙන්  පාඨමාලා පැවැත්වීමේ පහසුකම් සලසා ඇත.
     
    මෙම පුහුණු මධ්‍යස්ථානය තුළ ශ්‍රවනාගාර, නේවාසිකාගාර, ආපන ශාලා ඇතුළු සියලු පහසුකම් සලසා ඇත.
     
    රාජ්‍ය අංශයට පමණක් සීමා නොවී දිවයිනේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා ද මුදල් ගෙවීමේ පදනම මත  මෙම පුහුණු මධ්‍යස්ථානය වෙන් කරගත හැකිය.
     
    මෙම අවස්ථාවට පළාත් මහ ඇමති මහීපාල හේරත්, පළාත් සභා මන්ත්‍රී අජිත් ශාමින්ද, පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සේපාල කුරුප්පුආරච්චි සහ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) රුවන් ප්‍රේමරත්න යන මහත්වරු එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya