නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 වස‍රේ දී රුපියල් කෝටි 2800 ක සංවර්ධන ව්‍යාපෘති සැලැස්මක්

    අගෝස්තු 16, 2017
    කලුතර බදුරලිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරන “සුව උදාන” කදවුර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. “සුව උදාන” කදවුර බදුරලිය මොරපිටිය වීදිය බණ්ඩාර මහ විද්‍යාලයේ දී පැවැත්විණි. එහිදී බදුරලිය ප්‍රාදේශීය රෝහලට උපකරණ පරිත්‍යාග කිරීමක් ද සිදු කරන ලදි.
     
    ඉන් පසු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතාගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආධාර මත මොරපිටිය අලුත් මාවතේ කුඩුමීරිය ජය ශ්‍රී සුභසාධක අවමංගල්‍යාධාර සමිතියේ ප්‍රජා ශාලාව විවෘත කිරිම ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලදි. බදුරලිය හැඩිගල්ල සහෘද යාත්‍රා ක්‍රීඩාංගණයේ පළමු අදියරේ වැඩ ආරම්භ කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලදි.
     
    "රුපියල් කෝටි 2800 ක සංවර්ධන ව්‍යාපෘති රැසක් 2018 වසරේ දී ක්‍රියාත්මක කරනවා. එම ව්‍යාපෘති ඇතුලත් අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. මෙම යෝජනා 2018 වසරේ අයවැය සඳහා ද ඉදිරිපත් කිරිමට නියමිතයි. ඒ වගේම භෞතික හා මානව සම්පත් ප්‍රශස්ත අන්දමින් බෙදීයාම තහවුරු කරමින් ප්‍රධාන රෝහල්වල පවතින අධික තදබදය අවම කිරිම සඳහා පර්යන්ත රෝහල්වල පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා. ළමා, පිළිකා, ශල්‍ය, මාතෘ, නව ජන්ම, මුඛ සෞඛ්‍ය ආදී වාට්ටු සංකීර්ණ, රසායනාගාර, ඖෂධ ගබඩා, සායන ගොඩනැගිලි මෙම පර්යන්ත රෝහල්වල ඉදිකිරිමට ද සැලසුම් කර තිබෙනවා යැයි ද මොරපිටිය වීදිය බණ්ඩාර මහ විද්‍යාලයේ පැවැති ජන හමුවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. 
     
    රජය විසින් සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා විවිධ ව්‍යාපෘති රාශියක් දියත් කර තිබෙන බවත් මේ වන විට දළ වශයෙන් නිවාරණ සෞඛ්‍ය සේවා කටයුතු සියයට 100 කින් ද නේවාසික රෝගී සත්කාරක සේවාවේ සියයට 90 ත් 95 අතර ද, බාහිර රෝගී සත්කාරක කටයුතුවලින් සියයට 45 ක් ද රජය විසින් සිදු කරනු ලබන බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya