අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රඹුක්කන තේමා ගම්මානයට අධ්‍යයන මධ්‍යස්ථානයක්

    ජූලි 24, 2017
    රඹුක්කන තේමා ගම්මානය පාසල් දරු දැරියන් සඳහාඅධ්‍යාපනය ලබා දීමේ මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීමට  සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.
     
    එය  සිසු අයිතියට පැවරීම පසුගියදා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා අතින් සිදුවිය.
     
    සබරගමුව පළාත් සභාව මගින් රඹුක්කන පින්නවල අලි අනාථාගාරය සහ සත්ව උද්‍යානය ආශ්‍රිතව මෙම තේමා ගම්මානය ඉදිකර ඇත.
    දිවයිනේ ඉපැරණි ගමක ස්වරූපය අනුව ඉදිකර ඇති මෙහි ආරච්චි, වෙද, ගොවි, වඩු, කුඔල් අත්යන්ත්‍ර ආදී සාම්ප්‍රදායික නිවාසද, කෙත, හේන, කමත, කම්හල, වැව, ඇතුළු සාම්ප්‍රධායික අංගයන්ද ඉදිකර ඇත. ආරච්චිල, ගොවියා, කම්මල්කරු, ඇතුළු සාම්ප්‍රධායික ගමක ජීවත් වූ ප්‍රජාව ද මෙහිදී දැකගත හැකිය.
     
    එමෙන්ම එකළ භාවිතා වූ කෘෂි, ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා නීතිරීති සහ තහංචි පිළිබඳ ව ද පුළුල්ව හැදෑරීමට මෙහි අවස්ථාව සලසා ඇත.
    එකවර  පාසල් දරු දැරියන් 300ක් සඳහා අධ්‍යාපනය හැදෑරීමට මින් ඉඩ ප්‍රස්ථා සලසා ඇත.
     
    මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී අතුල හදගම, ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය කළමනාකරණ)ඒ.එම් ඥාණසේන, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) ශ්‍රියානි පද්මලතා සහ ප්‍රධාන විධායක නිලධාරී අනුරුද්ධ බණ්ඩාර  යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya