මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොබෙයිගනේ සහ මාවතගම නිල මෙහෙවර ප්‍රාදේශිය ජනතා සේවාවන් 22 සහ 23 දා

    ජූලි 21, 2017

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ ප්‍රාදේශිය ජනතා සේවාවන් දෙකක්  ජූලි 22 සහ 23 දෙදින තුළ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙයි.



    ඒ අනුව මේ මස 22 වන සෙනසුරාදා දින පෙ.ව.8.00 ට කොබෙයිගනේ ප්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය කොබෙයිගනේ ජාතික පාසලේදී  පැවැත්වෙන අතර මාවතගම  ප්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය මේ මස 23 වන ඉරිදා දින පෙ.ව.8.00 ට මාවතගම ජාතික පාසලේදී පැවැත්වේ.


    මෙහීදී ජනතාවගෙන් කිසිඳු මුදලක් අය කිරීමෙන් තොරව උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබාදීම, නොමිලේ පවත්වන වෛද්‍ය සහ අක්ෂි සායන සේවාවන්, රියදුරු බලපත්‍ර ලබාදීම,සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා, විශ්‍රාම වැටුප් දීමනා සහ රජය මගින් ලබා දෙන අනෙකුත් දීමනා සම්බන්ධ ගැටලු නිරාකරණය, ඉඩම් හිමිකම් ගැටලු, බලපත්‍ර ගැටලු විසඳීම සහ ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි, කම්කරු ගැටලු සඳහා විසඳුම් සහ ස්වයං රැකියා අවස්ථා
    හඳුන්වාදීම ඇතුළු ජනතා හිතවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.


    මෙම අවස්ථාවේදී ප්‍රතිලාභීන්ට ඇස් කණ්ණාඩි, ඉඩම් ඔප්පු, ගැබිනි මවට උත්තම පූජා වැඩසටහන යටතේ පෝෂණ මුද්දර, සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ උපකරණ ලබාදීම්, රෝද පුටු, කිහිලිකරු, අත්වාරු ඇතුළු තවත් ප්‍රදානයන් රැසක් සිදු කිරීමට නියමිතය.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනතා සේවයේ පළමු සහ
    දෙවන වැඩසටහන් පොළොන්නරුව හා ගාල්ල දිස්ත්‍රික්කයේදී  ඉතා සාර්ථකව අවසන් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya