කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (2006/07=100) විචලනය මඟින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත මැයි මාසයේ පැවති 3.2% සිට 2.8% දක්වා ජූනි මාසයේ පහත වැටී ඇතැයි මහ බැංකුව පවසයි.
ජූනි මාසය දක්වා ගෙවී ගිය මාස 65ක කාලයේ දී උද්ධමනය අඛන්ඩව තනි ඉලක්කමක මට්ටමක පැවති බවත් මෙසේ උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද විචක්ෂණ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති මඟින් සාධනීය බලපෑමක් ඇති වූ බව ද මහ බැංකුව පවසයි.
HC