මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම හා බේරුවල හානි වූ දේපළ ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරේ

    ජූනි 30, 2014
    අලුත්ගම හා බේරුවල දර්ගා නගරය, කළුතර හා වැලිපැන්න ප්‍රදේශවල පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් හානිවූ දේපළ නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා රජය රුපියල් මිලියන 200 ක් ලබාදී ඇති බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි.
     
    මෙම මුදල යුද හමුදාවට රුපියල් මිලියන 150ක්ද කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාට රුපියල් මිලියන 50ක්ද වශයෙන් වෙන් කර ඇත. පසුගිය විදේශ සංචාරය නිමවා ජනාධිපතිතුමා දිවයිනට පැමිණි විගසම මෙම ප්‍රදේශවලට ගොස් සිදුවූ තත්ත්වය සියැසින් දැක බලා ගැනීමෙන් අනතුරුව එහිදී ආගමික හා සිවිල් නායකයින් සමග පවත්වන ලද සාකච්ඡාවෙන් අනතුරුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු හමුදා සාමාජිකයින් සම්බන්ධ කරගෙන කඩිනමින් සිදුකරන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා යුද හමුදාපතිවරයාට උපදෙස් ලබාදෙන ලදී.
     
    බස්නාහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් නාවික හා ගුවන් හමුදා භටපිරිස් ද සමගින් මේ වන විටත් මෙහි මූලික කටයුතු ආරම්භ කර ඇති අතර මේ සඳහා අවශ්‍ය ඉංජිනේරු හා තාක්ෂනික සහාය ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙන් ලබා ගන්නා බව පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මේජර් ජෙනරාල් උභය මැදවෙල මහතා පවසා සිටියේය.
     
    මෙම හානි වූ නිවාස, ව්‍යාපාරික ස්ථාන හා පොදු ස්ථානයන් ඉතාම කෙටි කාලයකදී ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට සැලසුම් කර ඇත.
     
    DB/ mod
     
    beruwela

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya