මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත පවුල් හා තනි මාපිය පවුල් නගාසිටුවීමේ නව ක්‍රමයක් සැලසුම් කළ යුතුයි

    ජූනි 30, 2014
    දිවි නැඟුම ජීවනෝපාය සංවර්ධන වැඩසටහනට සමගාමීව සමාජසේවා වැඩසටහන් ඒකාබද්ධ කර ග්‍රාමීය හා නාගරිකව වෙසෙන ආබාධිත පවුල්, තනි මා පිය පවුල් නගාසිටුවීමේ නව ක්‍රමයක් සැලසුම් කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා පැවසීය.


    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (30) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් සමාජසේවා නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ය.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා, කොළඹ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයකම, තනි මා පිය පවුල්, ආබාධිත අය විශාල ලෙස සිටිනවා. මේ අයගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ඔවුන් ස්වයංරැකියා සඳහා යොමු කිරීමේ දී ඔවුන්ට වෙළෙඳපොළ ගැටලු, අලෙවිය සම්බන්ධ ගැටලු ඇති වේ. කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ආබාධිත හා තනි මා පිය පවුල් හඳුනාගැනීම  සමාජසේවා නිලධාරීන්ගේ යුතුකමකි. මේ අයගෙන් ස්වයංරැකියා කළ හැකි පිරිස් ප්‍රමුඛතාගතකර මේ වසර තුළ දී ඒ අයට අවශ්‍ය දැනුම, පුහුණුව, උපකරණ, ප්‍රතිපාදන ලබා දීමට විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙන බව සඳහන් කළේය.

    මෙතෙක් කොළඹ දිස්ත්‍රික්කයට සමාජසේවා සැලැස්මක් නොතිබුණි. සැබෑ හැකියාවන් ඇති ආබාධිත පිරිස් තෝරාගෙන හොඳ සැලැස්මක් මඟින් හඳුනාගත් ව්‍යාපෘති සඳහා යොමු කළ හැකියි. හැම පවුලකටම ව්‍යාපෘති සක්‍යතා වාර්තාවක් සකස් කරන ලෙස මෙහි දී දිස්ත්‍රික් ලේකම්වරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

    සමෘද්ධිලාභීන් සෙලියුලර්, පරිගණක සී.එෆ්.එල්. බල්බ් නිෂ්පාදනය වැනි අලුත් ඉලෙක්ට්‍රොනික තාක්ෂණික ස්වයංරැකියා සඳහා යොමු කළ යුතුයි. එවිට ඔවුන්ට අලුත් ශක්තිමත් ජීවනෝපායකට යා හැකියි. තාම සමාජ සේවාවට අලුත් වැඩපිළිවෙළක් නැහැ. මේ නිසා අලුතින් හඳුනාගන්නා ආබාධිත ස්වයංරැකියාලාභීන් දිවි නැඟුම වැඩසටහන යටතේ සවිබලගැන්වීමට කටයුතු කරන්න. ගොඩනගන්න පුළුවන් අය හඳුනාගෙන ආධාර දෙන්නත් ඉදිරි කාලය තුළ සමාජසේවා වැඩපිළිවෙළ ක්‍රමවත්ව ගෙන යාම සඳහා නව සැලැස්මක් සැකසීමටත් අවශ්‍ය බව දිසාපතිවරයා අවධාරණය කළේය. 

    NDH/WJ-dmu colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya