මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කිතුලක වරුණ" රත්නපුරයේ

    ජූනි 30, 2014
    කිතුල් හා කිතුල් ආශ්‍රිත විවිධ කර්මාන්ත හුවා දක්වමින් "කිතුලක වරුණ" වෙළඳ හා කර්මාන්ත ප්‍රදර්ශනය පසුගිය දා රත්නපුර පුරහල අසලදී සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමති ඩග්ලස් දේවානන්දා සහ සබරගමු මහ ඇමති මහීපාල හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    කිතුල් පැණි සහ කිතුල් හකුරුවලට පමණක් සීමාව තිබු කිතුල් කර්මාන්තය සංවර්ධනය කරමින් ඒ ආශ්‍රිත විවිධ නව නිපැයුම් හා අතුරු නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළඳපොළට හඳුන්වාදීම කිතුල් කර්මාන්තකරුවාගේ අතමිට සරු කරමින් ඔවුන්ගේ ජීවන මට්ටම ඔසවා තැබීම කිතුලක වරුණ ප්‍රදර්ශනයේ අරමුණ යැයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
     
    සබරගමු පළාතේ  රත්නපුර දිස්ත්‍රික්කය කිතුල් ශාකයට බෙහෙවින් හිතකර වන අතර දිවයිනේ කිතුල් ශාක වැඩිපුරම වැවී ඇති පළාත ලෙසද සබරගමුව සැලකේ. අනාදිමත් කලක පටන්ම සබරගමු පළාතේ කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ නියැළෙන්නෝ දහස් සංඛ්‍යාත පිරිසකි.
     
    නවීන ශිල්ප ක්‍රම මෙන්ම මෙරට සහ එතෙර වෙළඳපොළ  ‍කිතුල් කාර්මිකයන්ට හඳුන්වා දෙමින් ඔවුන්ට නිල ඇඳුමක් සහ  එම කාර්යයට අවශ්‍ය විවිධ උපකරණ රැසක් හඳුන්වාදීමට මේ වන විට තම අමාත්‍යංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය පියවර ගෙන ඇතැයි ද  අමාත්‍යවරයා කීය.
     
    කිතුල් පැණි, හකුරු සහ පිටි ආශ්‍රිත නව ආහාරපාන මෙන්ම කිතුල් ලී , කිතුල් කෙඳි සහ කිතුල් ඇට යොදා ගනිමින් නිපදවූ ගෘහ භාණ්ඩ මෙන්ම විසිතුරු ආභරණ කිතුලක වරුණ ප්‍රදර්ශන භූමියේ දී අලෙවිය පිණිස තබා තිබිණි.
     
    මෙම අවස්ථාවට මහ ඇමති මහීපාල හේරත්, පළාත් සභා මන්ත්‍රී දීපාල් ගුණසේකර, අමාත්‍යංශ ලේකම් වී. සිවඥානසෝති මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    DSC 0488
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya