මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර කසල ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක්

    ජූනි 30, 2014
    මධ්‍යම පරිසර අධිකාරිය මඟින් මහනුවර, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෝනාධිකවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සනීපාරක්ෂක කසල රඳවනය හා  කොම්පෝස්ට් අංගනයේ මූලික ඉදිකිරීම් කටයුතු ජූලි 02 දින ආරම්භ කරන බව පරිසර සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 


    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති විශේෂ රැස්වීමකදීය.

     

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කැළි කසල ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය මඟින්  දිවයිනේ තෝරා ගත් ස්ථාන 04ක සනීපාරක්ෂක කසල රඳවන ඉදිකිරීමට සැලසුම් කෙරිණි. ඒ අතරින් දොම්පේ ප්‍රදේශයේ ඉදිකළ කසල රඳවනයේ වැඩ කටයුතු මේ වන විට සාර්ථකව අවසන්ව තිබේ. 


    ඉතුරු ව්‍යාපෘතිවල මූලික කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක කෙරමින් පවතී. එම ව්‍යාපෘති අතුරින් එක් ව්‍යාපෘතියක් මහනුවර ගෝනාධිකවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට තීරණය කොට තිබේ. ඇමරිකන් ඩොලර් මිලියන 8.5ක් වැය කොට ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර් 11ක ඉඩමක් මේ වන විටත් වෙන් කර ඇත. යෝජිත සනීපාරක්ෂක කසල රඳවනය මඟින් මහනුවර දිස්ත්‍රික්කයේ  පළාත් පාලන ආයතන 11කින් බැහැර කරන කසල බැහැර කිරීමට සැලසුම් කර ඇති අතර ඒ හරහා දිනකට කසල ටොන් 76ක් ප්‍රතිචක්‍රීයකරණය කිරීමට අපේක්ෂිතය. කොරියන් රජයේ ආධාර සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන යොදවා ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය 2016 වසර වන විට අවසන් කිරීමට නියමිතය.
     
    පරිසර සහ පුනර්ජනනීය කටයුතු පිළිබඳ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්ත යන මහත්වරු ඇතුළු පළාත් පාලන නියෝජිතයන් රැසක් සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

    NDH/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya