මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඩා හා සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට ණය දීමට චක්‍රීය අරමුදලක්

    ජූනි 30, 2014

    ශ්‍රී ලංකාවේ කුඩා හා සුළු පරිමාණ කර්මාන්තයන්හි නායකත්වය හා ව්‍යවසායකයන් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් වාණිජ සහ කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ආරම්භ කොට ඇති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පවසයි.


    දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මේ කර්මාන්තකරුවන් සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට චක්‍රීය අරමුදලක් ඇති කොට තිබෙන නිසා සහන පොලී අනුපාත යටතේ අලුතින් කර්මාන්ත ඇති කිරීමට, කර්මාන්ත ප්‍රතිසංවර්ධනය කිරීමට හා තාක්ෂණික මෙවලම් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

     

    රටේ ඉදිරි සංවර්ධනය සඳහා ලංකාවේ කර්මාන්ත දියුණු කළ යුතු බැවින් මේ වැඩසටහන ක්‍රියාත්මක කොට ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා විශේෂයෙන් ම අපේ කර්මාන්තකර්වන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීම මෙහිදී අපේක්ෂා කරන
    බව ද පැවසීය.


    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීය.


    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්.ඩී. ජයසිංහ මහතා, මේ නව ව්‍යාපෘතිය යටතේ සාමාන්‍ය ණය යෝජනා ක්‍රමයක් සහ තාක්ෂණික හුවමාරු සහන ණය යෝජනා ක්‍රමය වශයන් ණය යෝජනා දෙකක් ක්‍රියාත්මක වන බවත් සාමාන්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 05ක උපරිමයකට යටත්ව වසර 02ක සහන කාලයක් ද සහිතව වසර 10ක් තුළ සියයට 9ක වාර්ෂික පොලී අනුපාත යටතේ ණය නිකුත් කරනු ලබන බවත් සඳහන් කළේය.


    තාක්ෂණික හුවමාරු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 2.5ක ණය මුදලක් වසර 07ක් ඇතුළත ආපසු ගෙවීමේ කාලයක් සහ වසර 02ක සහන කාලයක් ද ඇතුළුව සියයට 05ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ලබා දෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.


    කොහු, රබර්, ප්ලාස්ටික්, රෙදිපිළි, ආහාර සැකසුම්, දැව හා දැව ආශ්‍රිත, බීම වර්ග, දුම්කොළ, සම් සහ සම් ආශ්‍රිත නිෂ්පාදන, කෘෂි, ලෝහ, ගොඩනැගිලි, අත්කම්, මුද්‍රණ හා කඩදාසි, සත්ත්ව පාලන, මල් වර්ග, විසිතුරු මත්ස්‍ය සහ වෙනත් ධීවර නිෂ්පාදන සඳහා මේ ණය පහසුකම් ලබා ගත හැකිය.


    මේ සඳහා අවශ්‍ය අයදුම්පත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට හෝ ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, මහජන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ඩී.‍එෆ්.සී.සී. බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ කොමර්ෂල් බැංකුව යන බැංකු ශාඛා මඟින් ලබා ගත හැකි වේ.


    NDH/GNK-ISB dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya