අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් ධීවර අමාත්‍ය සමුළුව ජුලි 01 තලවතුගොඩදී

    ජූනි 29, 2014

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් අනුව පළමුවරට පවත්වනු ලබන පළාත් ධීවර අමාත්‍යවරුන්ගේ සමුළුවක් ලබන ජුලි 01 වන අඟහරුවාදා පෙ.ව. 9.00 ට බත්තරමුල්ල, තලවතුගොඩ, මොනාර්ච් හෝටලයේදී පැවැත්වේ.


    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට බස්නාහිර, දකුණ, උතුරු, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද, සබරගමුව, වයඹ හා ඌව පළාත් සභාවල ධීවර විෂය භාර අමාත්‍යවරු 9 දෙනාම සහභාගි වේ.


    ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව මධ්‍යම රජය හා පළාත් ධීවර අමාත්‍යාංශ අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාව වැඩි දියුණු කිරීමත්, ධීවර හා ජලජ සම්පත් විෂය මනා කළමනාකාරීත්වයකින් යුතුව සංවර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් මෙම පළාත් ධීවර අමාත්‍යවරුන්ගේ මංගල සම්මේලනය පැවැත්වේ.


    මෙහිදී ගෙවී ගිය කාලය තුළ ධීවර සංවර්ධනය උදෙසා ගනු ලැබු පියවර ගැන දැනුවත් කෙරෙන අතර, ඉදිරි කාලයේදී පළාත් මට්ටමින් කළයුතු ධීවර සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව පළාත් අමාත්‍යවරුන් සමඟ දිගු ලෙස සාකච්ඡා කිරීමට නියමිතය. මේ අනුව ඉදිරි වසර කීපය තුළ පළාත් මට්ටමේ ධීවර සංවර්ධන කටයුතුවලට පළාත් ධීවර අමාත්‍යවරුන් හා අමාත්‍යාංශවල පූර්ණ සහයෝගය හා සහභාගිත්වය ලබාගැනීමට අපේක්‍ෂිතය. මේ අනුව මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන ආකාරයට මෙරට ධීවර ක්‍ෂේත‍්‍රයේ සියලුම පළාත් සංවර්ධනය වන ආකාරයේ වැඩ පිළිවෙළක් තුළින් තිරසාර ධීවර සංවර්ධනයේ ප‍්‍රතිඵල සමස්ත ධීවර ප‍්‍රජාවටම ලබාදීමට අපේක්‍ෂිතය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya