අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ දිවි නැගුම නිලධාරීන් දැනුවත් කරයි

    ජූනි 27, 2014

    දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් නිලධාරීන් දැනුවත් කිරීමේ එක් දින පුහුණු වැඩසටහනක් ඊයේ (26) නුවරඑළිය නගර ශාලාවේ දී  පැවැත්විය.නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන සඳහා කලාප අංක 03 දිවි නැගුම අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අමරනාත් වීරසිංහ මහතා සහභාගී විය.


    මෙහි දී පැවැත්වුණු ආරම්භක දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා විසින් සිදු කරන ලද අතර, එහි මුඛ්‍ය  තේමාව වුයේ දිළිඳු බව තුරන් කිරීමත්, ජීවනෝපාය මාර්ග වර්ධනය සහ ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමට මූලික දැනුම සපයා දීමයි.

    එහිදී මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා විසින් පෙන්වා දුන්නේ "එදා ලක් දිව පැවති ශ්‍රම බලකාය වඩාත් ක්‍රමවත්ව එක් රැස් වී ක්‍රියා කළ බවයි. 1948 නිදහසින් පසුව ශ්‍රී ලංකාව දිගින දිගටම දේශයක් ලෙස ලද ජයග්‍රහණ ඉතා අල්ප වූවකි. මෙම තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය  ක්‍රියා මාර්ග විවිධ රජයන් විසින්  ගත්තද,  එවැනි බොහෝ ව්‍යාපෘති නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව මත ඵලදායී නොවීය. එබැවින් අද වන විට මේ තත්ත්වය වෙනස් කිරීම සෑම නිලධාරියෙකු ම සතු වගකීමකි. ගෘහ ආර්ථිකය තුළ වඩාත් සරල සහ වඩාත් යහපත් ආර්ථික රටාවක් ඇති කිරීම සඳහා අවශ්‍ය ම මාර්ගය පෙන්වා දීම දිවි නැගුම දෙපාර්තමේන්තුවේ වත්මන් අභිලාශයයි."

    මෙම වැඩසටහන සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 නියෝජනය කරමින් දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ සේවයේ නියුතු නිලධාරීන් 850කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

     

    ECB/DPGK_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya