විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීම මත මෙම වැසටහන ක්‍රියාත්මක වේ.
විශේෂයෙන්ම මේ වන විටත් අවතැන් වු මධ්‍යස්ථානවල රැඳීසිටින විපතට පත්වු ජනතාව සඳහා පිසු ආහාර හා බෝතල් කළ පානීය ජලය අත්‍යවශ්‍ය වී ඇත.
ඊට අදාළ සහනාධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ගාල්ල කණවැල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පිහිටුවා ඇති අතර ඒ සඳහා ඔබගේ සියලු පරිත්‍යාග ලබාදීමේ හැකියාව පවතී. වැඩිදුර තොරතුරු 0912245224 හෝ 0773126914 වෙතින් ලබාගත හැකිය.