අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවන්ට මුහුණ පා ඇති ප්‍රදේශවල රජයේ සේවක නිවාඩු අවලංගු කරයි

    මැයි 26, 2017
    අධික වර්ෂාව ගංවතුර සහ නායයෑම් නිසා ජන ජීවිතයට විශාල බලපෑමක් සිදු වී ඇති බැවින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා ආපදාවන් හටගෙන ඇති ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන්ගේ නිවාඩු නැවත දන්වන තුරු අවලංගු කර ඇති අතර ඔවුන් වහාම තම සේවා ස්ථානවලට වාර්තා කළ යුතු යැයි ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.
     
    මේ අවස්ථාව හදිසි අවස්ථාවක් ලෙස සලකා විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සක්‍රීය ව දායකවන ලෙස තමා සියලු ම රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව අද (26) පෙරවරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති උසස් නිලධාරීන්ගේ රැස්වීමක දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
     
    මේ පිළිබඳ ව ස්වදේශ කටයුතු ඇමැතිවරයා විසින් නිකුත් කොට ඇති නිවේදනයේ මෙසේ ද දැක්වේ.
     
    යම් රජයේ නිලධාරියෙකු ගංවතුර බලපෑමකට ලක් වී ඇත්නම් ඔහුට රාජකාරියට වාර්තා කළ නොහැකි නම් ඔහුගේ දෙවැනි නිලධාරියා හෝ ආසන්නම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරී ඉටු කිරීමට බැඳී සිටිය යුතුය. නිවාඩු අනුමත කිරීමේ බලය අදාළ ආයතන ප්‍රධානීන්ට හිමි වේ.
     
    මෙම ගංවතුර තර්ජනයට ලක් වී ඇති ප්‍ර දේශවල යම් නිලධාරීන්ගේ හිඟයක් ඇත්නම් විශ්‍රාමික රජයේ ඕනෑම නිලධාරියෙකු සේවයට යොදවා රාජකාරී ඉටු කිරීමට අදාළ දිස්ත්‍රික්කයේ ලේකම්වරයාට බලය පැවරේ.
     
    යම් ස්ථානයන් හි ගස්, කඳු කඩා වැටීම, ජල ගැලීම් නිසා මාර්ග අවහිර වී තිබේ. මේ නිසා අවතැන් වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමටත් ඔවුන් කඳවුර ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සියලු පහසුකම් ලබාදීමටත් විපතට පත් මහජනතාවගේ දේපළ පොලිස් නිලධාරීන් යොදවා ආරක්ෂා කිරීමටත් අදාළ අංශ වෙත මා විසින් උපදෙස් ලබා දී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya