මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ සුරක්ෂිත මධ්‍යස්ථාන 22ක්

    මැයි 28, 2017

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය හේතුවෙන්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක පවුල් 1439 ක පුද්ගලයින් 5262 ක් අවතැන් වී ඇති බවත් එම අවතැන් වූවන් සුරක්ෂිත මධ්‍යස්ථාන 22 ක මේ වනවිට රඳවා ඇති බවත් කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, මාවනැල්ල, රුවන්වැල්ල හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ආපදා තත්ත්වය බලපා ඇත.

     

    ආපදා තත්ත්වය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 02 ක් වාර්තා වී ඇති අතර දෙදෙනෙකු අතුරුදන්ව ඇත.

     

    විපතට පත් වූවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කෑගල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයේ ද මග පෙන්වීම යටතේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරයි.

    මේ සඳහා පොලීසිය හා යුද හමුදා ඇතුළු ආරක්ෂක අංශ ද ඉහළ දායකත්වයක් ලබා දී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya