මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණය නිසා පුද්ගලයින් 126කට ජීවිත අහිමි වෙයි

    මැයි 28, 2017
    අද (28) පෙරවරු 10.00 පමණ වන විට අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදා නිසා පුද්ගලයන් 126 දෙනෙකු මියගොස් 97 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පීඩාවට පත් වූ සංඛ්‍යාව 423,068 ඉක්මවා ඇත.  ආරක්ෂිත ස්ථාන 304 පුද්ගලයන් 100,924 පමණ රැදි සිටී.
     
    නිල්වලා ගඟේ ආරක්ෂණ වේල්ල උතුරායමින් පවතින බැවින් ගොඩගම, හිත්තටිය, තුඩාව, මාලිම්බඩ, සිරිපනාගොඩ, මදුරුව, කිරිලකැලේ, සුල්තානාගෙඩ, ඉසදීන් නගරය, නාදුගල, දකුණු අධිවේගි  ප්‍රවේශ මාර්ගය, මාතර අකුරැස්ස මාර්ගය ආසන්නයේ පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ද ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya