සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග රැසක් ජලයෙන් යටවේ - ගමනාගමනයට බාධා

    මැයි 28, 2017
     
    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍ර දේශ කිහිපයක මාර්ග රැසක් ජලයෙන් යටවී වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
     
    ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, කලවාන, ඇහැලියගොඩ, රක්වාන, අයගම, වේවැල්වත්ත, කොලොන්න, නිවිතිගල, කිරිඇල්ල පොලිස්වසම් හි මෙන් ම නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ මුල්ලේරියාව, වැලිකඩ, පාදුක්ක, හංවැල්ල හා නවගමුව පොලිස් වසම් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, උඩුගම, වඳුරඹ, පෝද්දල, හිනිදුම යන පොලිස් වසම් හි ද, කැලණිය පොලිස් කොට්ඨාසයේ බියගම, කැලණිය පොලිස් වසම් ද, මාතර පොලිස් වසම, කළුතර පොලිස් කොට්ඨාසයේ කළුතර දකුණ, බදුරළිය, බුලත්සිංහල, දොඩංගොඩ, වැලිපැන්න, කළුතර, තෙඹුවන මෙන් ම තංගල්ල පොලිස් වසමේ දි මාර්ගයන් ජලයෙන් යටවී ඇත.
     
    මේ හේතුව නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද ඒ පිළිබඳ අවධානයෙන්ව පසුවන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya