සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරක්ෂිත කඳවුරුවලට ජලය නොමැති නම් දන්වන්න

    මැයි 28, 2017

    මාතර දිස්ත්‍රික්කයේ 70,000ක් පමණ වන ජල පාරිභෝගිකයන්ගෙන් 60,000කට පමණ ජල සැපයුම අක්‍රීයවී ඇති බවත් දැනට මාදුගඟ ආශ්‍රයෙන් 7,000ත් 8,000ත් අතර ප්‍රමාණයකට ජල සැපයුම නැවත ලබාදී ඇති බවත් නගර සැලසුම් හා  ජල සම්පාදන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    එබැවින් දැනට බාධාවකින් තොරව ජලය ලැබෙන පිරිස් බීමට පමණක් එම ජලය භාවිතා කරන ලෙස අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එසේ සිදු කළහොත් ඉතිරි ප්‍රදේශවලටත් අඩු පීඩනයක් යටතේ හෝ ජල සැපයුම ලබාදීම පහසුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

     

    දැනට අවතැන් කඳවුරුවල සිටින ජලය නොලැබෙන පිරිස්  077 7724360, 077 7891332 හා 071 4532222 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසත් එසේ දැනුම් දුනහොත් ඉතා කඩිනමින් බවුසර් හා ගැලුම් මගින්, ගුවනින් හෝ බෝට්ටු ආධාරයෙන් ජලය සැපයීමට කටයුතු යොදා ඇති බව ද එම අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya