මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊශ‍්‍රායලයේ නීතිවිරෝධීව රැඳීසිටින්නන් නිසා රැකියා අවදානමක්

    මැයි 18, 2017
    ඊශ‍්‍රායලයේ රැකියාවට ගොස් සිය ගිවිසුම්ගත කාලය ඉක්මවීමෙන් පසු නීතිවිරෝධීව රැඳී සිටින ශ‍්‍රමිකයින් හේතු කොටගෙන ඊශ‍්‍රායල් රැකියා අවදානමක් ඇතිවී තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය. 
     
    අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ පසුගිය දා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ පැවති, ඊශ‍්‍රායල් රැකියා සඳහා පිටත්වන ශ‍්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ, ඊශ‍්‍රායල් කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා කාර්තුවක් සඳහා පමණක් ශ‍්‍රමිකයින් වෙනුවෙන් මාස 6ක් සඳහා වීසා හිමිවන බවත් එම කාලය අවසන්වීමෙන් පසු ශ‍්‍රමිකයින් දිවයිනට පැමිණිය යුතු අතර, එසේ පැමිණෙන ශ‍්‍රමිකයින්ට නැවත වරක් තමන් සේවය කළ ස්ථානයට යෑමට හැකිවන බවයි. 
     
    ඊශ‍්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියාවල නියුතු ශ‍්‍රමිකයින්ට මසකට රු.150,000 ක පමණ මුදලක් ඉතිරි කිරීමට හැකිවන බවත්, නීතිවිරෝධීව එරට රැඳී සිටිම හේතුවෙන් තවත් ලාංකිකයෙකුට රැකියා අවස්ථාවක් හිමිවීමේ අවධානමක් ඇතිවී තිබෙන බවත් අමාත්‍යතුමිය සඳහන් කළාය. 2015 වර්ෂයේ ඊශ‍්‍රායල් රැකියා හිමිවූයේ 85ක් පමණ බවත් තමන් 2016 වර්ෂයේ ඊශ‍්‍රායලයේ සිදු කළ සංචාරය අතරතුරදී කළ ඉල්ලීම්වල ප‍්‍රතිඵලයක් ලෙස 2016 වර්ෂයේදී රැකියා අවස්ථාවන් 369ක් ලැබුණු බවත්, 2017 වර්ෂයේ මේ දක්වා කාලය තුළ ශ‍්‍රමිකයින් 187ක් සඳහා ඊශ‍්‍රායල් රැකියා අවස්ථා හිමිවී ඇති බව සඳහන් කළාය. එසේ රැකියා අවස්ථා වර්ධනය කරගැනීමට හැකිවූයේ නව රජය පත්වීමෙන් පසු ඇතිවු යහපත් ප‍්‍රතිරූපය හා දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස බවද අමාත්‍යවරිය ප‍්‍රකාශ කළාය. 
     
    මැදපෙරදිග වැනි රටවල ඉතා අඩු වැටුපකට දුක්විඳින රැකියා වෙනුවට මහන්සි වි රැකියා කර තම ශ‍්‍රමයට ගැළපෙන ඉහළ වැටුපක් ලබාගැනීම සඳහා ඊශ‍්‍රායල් රැකියා අවස්ථාවන් වඩාත් කාලෝචිත බවත් තම අරමුණ ඉදිරියට හොඳ රැකියා වෙළඳපොලක් හිමි රටවලට ශ‍්‍රමිකයින් ලබාදීමට කටයුතු කිරීම බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. එනිසා තම ගරුත්වය හා තම රටෙහි ගරුත්වය ආරක්‍ෂා කරගනිමින් රැකියාවල නිරතවන ලෙසත් ඇය ශ‍්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියාය. 
     
    මෙම අවස්ථාවට විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරි පී.පී. වීරසේකර මහතා ද එක්විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya