අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් ලක්‍‍‍ෂ 550ක වියදමින් රඹෑව පොදු පහසුකම් වැඩිදියුණු කෙරේ

    ජූනි 28, 2014

    රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත්වන ජනතාවගේ පහසුව සඳහා රුපියල් ලක්ෂ‍ පන්සිය පනහක (550) වියදමින් රඹෑව නගරයේ පොදු පහසුකම්  නැංවීමට  රජය පියවර ගනී.


    ඒ අනුව  රුපියල් ලක්ෂ 200ක වියදමින් ඉදිකෙරෙන සතිපොළ සහ රුපියල් ලක්ෂ 300ක වියදමින් ඉදිකෙරෙන මහජන පුස්තකාලය හා සම්මන්ත්‍රණ ශාලාව ඇතුලු බහුකාර්ය ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධාත්වයෙන් සිදුකෙරිණ.

    ග්‍රාම නිලධාරි වසම් තිස් අටකට අයත් ගම්මාන 104ක ජීවත්වන රඹෑව ජනතාවගේ පහසුව සඳහා "පුරනැගුම" වැඩසටහන යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.මීට අමතරව 2012 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක වියදමින් ඉදිකළ රඹෑව ප්‍රාදේශීය සභාවේ නව රැස්වීම් ශාලාව විවෘත කිරීම ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ සහ උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  එදින සිදුකෙරිණි.

    මේ අනුව ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිව පවත්වාගෙන ගිය සතිපොළ පුළුල් කෙරෙන අතර බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම නිසා අධ්‍යපනය ලබන දරුවන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට නිසි පුස්තකාල පහසුකම් ලබාගැනීම මෙන්ම පොදු රැස්වීම් ඇතුළු වැඩමුළු පැවැත්වීමට සියලු පහසුකම්වලින් සමන්විත සම්මන්ත්‍රණ ශාලාවක් හිමිවෙයි.                     

                            

    ඉතිහාසයේ කවදාවත් නොලැබුණු දැවැන්ත සංවර්ධනයක් ගමට ගෙන ඒමට කටයුතු කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අමතක කිරීම කළගුණ දන්නා රජරට ජනතාව කිසිදිනෙක සිදුනොකරන බවත්, රටට සාමය උදාකරදීමේ සම්පූර්ණ ගෞරවය  ජනාධිපතිතුමන්ට හා වීරෝදාර රණ විරුවන්ට හිමිවිය යුතු බවත්, මෙහි දී අදහස් දැක්වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, "ජනතාව වෙනුවෙන් අනාගත දූ දරුවන් වෙනුවෙන් සිදුකරන මේ දැවැන්ත සංවර්ධනය යහපත් අයුරින් දකින විපක්ෂ මහජන නියෝජිතයිනුත් මේ රටේ සිටින බව අද මේ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට උතුරුමැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී  ඩී.එම්. අමරතුංග මහතා පැමිණ සිටීමෙන් තහවුරු වෙනවා. එය ඉතා සතුටට කරුණක්.


    රටක් කඩිනමින් සංවර්ධනය වෙන්නේ එලෙස එකමුතුව වැඩ කිරීමෙනුයි. නමුත් වැරදි දෙයට විරුද්ධවීම මෙන්ම රජයේ වැරදි හරි විදියට පෙන්වාදීම විපක්ෂයේ වගකීම හා යුතුකමයි. යුධ අගාධයේ තිබූ මේ රට අද තිබෙන තත්ත්වයට ගන්නට එඩිතරව පෙරමුණ ගත් ජනාධිපතිතුමන්ට මෙන්ම, මේ රටේ අසරණ ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිදුකරන අමිල සේවයට එතුමන්ලාට ජනතා උපහාරය හිමිවිය යුතුයි. මැදවච්චිය ආසනයේ කඩිනම් සංවර්ධනයට පමණක් රජය මේ වසරේ රුපියල් මිලියන 447ක් ලබා දී තිබෙනවා.

    ඒ වගේම රජරට බුද්ධිමත් දූ දරුවන්ට යන්න අද ගමේ පාසල්වලත් මහින්දෝදය විද්‍යාගාර, තාක්ෂණ පීඨ ඉදිවෙනවා, එදා ගමේ දෙමව්පියන්ට වඩා අද ගමේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට ඉගැන්වීමට විශාල කැපකිරීම් සිදුකරනවා. නූතන තරගකාරී අධ්‍යාපන රටාව තුළ ඔවුන්ට එසේ කිරීමට සිදුව තිබෙනවා.”

    උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන්, එම පළාත් සභාවේ එක්සත් ජාතින පක්ෂ මන්ත්‍රී ඩී.එම්. අමරතුංග, රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න තෙන්නකෝන් යන මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.මේ අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී සුසිල් ගුණරත්න මහතා ඇතුළු ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් පැමිණ සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya