අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තවාදය තුරන්කිරීම පාසලින් ඇරඹිය යුතුයි

    ජූනි 27, 2014
    පසුගියදා විවිධ අන්තවාදී කොටස් විසින් ජාතික හා ආගමික ගැටලු පාදක කරගෙන ගැටලු නිර්මාණය කිරීමට උත්සාහ කළත් මින් ඉදිරියට එවැනි දෑ ඇති නොවීමට නම් සීමා මායිම්වලින් තොර ජාතිකත්වයකින් යුක්ත රටක් නිර්මාණය කිරීමේ වගකීම පාසලෙන් පටන්ගත යුතු බව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා පැවසීය.
     
    මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ දිවයිනේ තෝරාගත් පාසල් සමුහය ආරම්භ කරනු ලබන මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර වැඩසටහන යටතේ පසුගියදා මොරටුව එගොඩ උයන සුනන්දෝපනන්ද මහා විද්‍යාලයේ තාක්ෂණික විද්‍යාගාරයට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
     
    "පසුගිය දශක තුනක කාලය තුළ කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිසා රටේ සෑම අංශයකම පාහේ සංවර්ධනය අඩාල වුණා. උතුරේත් දකුණේත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යෙදවීමට තිබූ විශාල මුදලක් මේ සඳහා යෙදවීමට සිදු වූ බව සැවොම දන්නා කරුණක්. වත්මන් රජය විසින් එකී යුද්ධය අවසන් කොට යුද්ධය වෙනුවෙන් යෙද වු මුදල් රට පුරා සංවර්ධන කටයුතු සඳහා මේ මොහොත වන විට යොදා ගනිමින් සිටිනවා. ඒ නිසා අද වන විට සෑම ක්ෂේත්‍රයකම අති විශාල සංවර්ධනයක් සිදුකිරීමත් වත්මන් රජය හැකි වී තිබෙනවා". 
     
    වඩා යහපත් අනාගත සමාජයක් ඇති කිරීමට නම් පාසල ඉලක්ක කරගත් මෙන්ම ඒ තුළ සිටින ළමයාගේ මනස ඉලක්ක කරගත් සුවිශාල අධ්‍යාපන සැලසුමක් රටට අවශ්‍ය මොහොතක එවැනි ඉලක්ක සපුරාගැනීමට මහින්දෝදය විද්‍යාගාර ඇති කිරීමේ අරමුණ බවත් අමාත්‍යවරයා පැවසීය. 
     
    ආගමික ජාතික සංහිඳියාව රටක ඉදිරි ගමනට ශක්තියක් වන වා මෙන් ම බෙදුන ජාතියක් රටක නිර්මාණය වීම රටේ මෙන්ම ජනතාවගේ ද අවාසනාවක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya