සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ක්‍රීඩාංගණ හා යටිතල පහසුකම් වෙනුවෙන් මහනුවරට ලක්ෂ 180ක්

    ජූනි 27, 2014
    ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය යටතේ දිවයිනේ දිස්ත්‍රික් මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ත්‍රිකකයේ ප්‍රාදේශීය මට්ටමේ කුඩා ක්‍රීඩාංගණ, වොලිබෝල් පිටි සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් ලක්ෂ 180ක් අදාළ යෝජිත ක්‍රීඩා ව්‍යාපෘති සඳහා ලබාදී ඇති අතර එම මූල්‍ය ප්‍රතිපාදන මත අදාළ ව්‍යාපෘති ගණනාවක ඉදිකිරීම් කටයුතු ඇරඹීම පසුගියදා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් සිදුවිය.
     
    ප්‍රාදේශීය ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ උඩුනුවර වැරැල්ලමාන ක්‍රීඩාංගණය හා වොලිබෝල් පිටිය ඉදිකිරීම සඳහා රුපියල් දස ලක්ෂයක් ලබාදී ඇති අතර අලපලාවල ක්‍රීඩාංගණය හා වොලිබෝල් පිටිය සඳහා රුපියල් ලක්ෂ 17ක් ද, පමුණුව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාංගණය සඳහා රුපියල් ලක්ෂ 10ක් ද, ලංකාතිලක විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සඳහා රුපියල් ලක්ෂ 30ක්ද, හෑපාන පාසලේ ක්‍රීඩාංගණය සඳහා රුපියල් ලක්ෂ 10ක් ද, ලගමුව විද්‍යාලයේ ක්‍රීඩාංගණය සඳහා රුපියල් ලක්ෂ 15ක් ද, ගෝනාදිකාවත්ත සිංහල දෙමළ විදුහල් ක්‍රීඩාංගණය සඳහා රුපියල් ලක්ෂ 12ක් ද, රංගොඩ ගොවි සෙවණ ක්‍රීඩාංගණය සඳහා රුපියල් ලක්ෂ 10ක් ද ක්‍රීඩා අමාත්‍යංශය මඟින් වැය කර තිබේ.
     
    දිවයිනේ සෑම පාසල් සිසුවෙකුටම ක්‍රීඩාව අනිවාර්යය කර තිබෙන බැවින් පාසල් ක්‍රීඩා සංවර්ධනය කිරීම අනිවාර්යය කටයුත්තක් ලෙස සලකා දිවයිනේ සෑම පාසලකටම උපරිම රු. ලක්ෂ 5ක ක්ෂණික වැය ඇස්තමේන්තුවක් කුඩා ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණය සඳහා ලබාදීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කරන අතර දිවයිනේ තෝරාගත් පාසල් සඳහා ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන 200ක් මේ වනවිටත් වැය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
     
    මහනුවර දිස්ත්‍රික්කයේ පාසල්වල ක්‍රීඩා සංවර්ධනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා අතින් රු. ලක්ෂ 15ක ක්‍රීඩා භාණ්ඩ තොගයක්ද මෙහිදී ලබාදී ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya