අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම වතාවට යාපනයේ මානවක බාලදක්ෂ කඳවුරක්

    ජූනි 27, 2014

    වසර 30කට පසුව ප්‍රථම වතාවට “ජාතික සමගියට යොවුන් දෑත්” යන නමින් මානවක බාලවක කඳවුරක් යාපනයේ කොකාවිල් හින්දු පාසැලේ දී පැවැත්වීම සඳහා අද (27), හෙට (28) සහ අනිද්දා (29) දිනවලදී සංගමයේ ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පැවැත්වීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය පියවර ගෙන ඇත.


    සියලු ම බාලදක්‍ෂ දිස්‌ත්‍රික්‌ නියෝජනය කරමින් වයස අවුරුදු 18ත් 24ත් අතර මානවක බාලදක්‍ෂයන් හා කාන්තා මානවක බාලදක්‍ෂයන් 500ක්‌ පමණ මෙම කඳවුර සඳහා සහභාගිවීමට නියමිත අතර, මෙහිදී ජාතික සංස්‌කෘතික සංදර්ශන, ව්‍යාපෘති ගවේෂණය, චාරිකා ආපදා කළමනාකරණ වැඩසටහන් ගිනිමැල සංදර්ශන, ලේ දන්දීමේ වැඩසටහන්, නාගදීප චාරිකා ආදි වූ විශේෂාංග සහ ක්‍රියාකාරකම් රැසක්‌ පැවැත්වෙන බවත්, මෙමගින් සමාජයට වැඩදායී වූ යුග පුරුෂයකු වීමට අවැසි පුහුණුවක්‌ ලබා ගැනීමට හැකිවනු ඇති බවත් සහාය ප්‍රධාන බාලදක්‍ෂ කොමසාරිස්‌ රොහාන් ඒ.ඩී. ප්‍රනාන්දු මහතා පවසයි.

    එසේ ම ද්‍රවිඩ ජනතාව බහුල වශයෙන් ජීවත්වන මෙවැනි ප්‍රදේශයක සියලු ම දිස්ත්‍රික්කයන්ගේ නියෝජනයක් සහිතව මෙවැනි කඳවුරක් පැවැත්වීම මගින් ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙළටද ඉමහත් දායකත්වයක් සපයනු ලබයි.

    මෙහි සමාරම්භක උත්සවය උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා උතුරු පළාත් මැති ඇමැතිවරුන් හා ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් අද ප.ව. 4.30ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    ECB/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya