අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාතේ ගුරු පුරප්පාඩු 100කටත් අඩුයි

    ජූනි 27, 2014

    වයඹ පළාතේ ගුරු තුලනය කළොත් ඇත්තේ පුරප්පාඩු 100කටත් අඩු සංඛ්‍යාවක් බවත් පුත්තලම් දිස්ත්‍රික්කයේ ගුරුවරු 172ක අතිරික්තයක් තිබෙන බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.


    අමාත්‍යවරයා එසේ පැවසුයේ ඉකුත් බදාදා වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති 2013 වසරේ ලංකාවේ ප්‍රථම වතාවට වයඹ පළාත මගින් ආරම්භ කළ  වයඹ පළාත් කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල අතර, කාර්ය සාධන තරගාවලියේ තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි .

    එහිදී ප්‍රධාන අමාත්‍යවරයා  වැඩිදුරටත් අදහස් දක්වමින්; "සමහර අධ්‍යාපන කාර්යාලවලින් ලබා ගන්නා තොරතුරු හා දත්තයන් නිවැරදි ඒවා නොවේ. මම අධ්‍යක්ෂකවරුන්ගෙන් හා නිලධාරීන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා නිවැරදි තොරතුරු හා දත්තයන් ලබා දෙන්න කියලා. මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමේදී නිවැරදි තොරතුරු සංඛ්‍යා නොමැති නිසා ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. වයඹ පළාතේ සිසුන් ලක්ෂ 4කට වැඩි පිරිසක් සිටිනවා. පාසල් 1246ක ගුරු භවතුන් 27000ක් කළමනාකරණය කරන කොට්ඨාස, අධ්‍යාපන කාර්යාල 31ක් සහ කලාප අධ්‍යාපන කාර්යාල 8ක් ඇගයීමට ලක්කිරීම සඳහා මෙම තරගය ලංකාවේ ප්‍රථම වතාවට වයඹ පළාතෙන් ආරම්භ කළා. මෙය සෑම වර්ෂයකට ම පැවැත්වීමට පියවර ගන්නවා.

    වයඹ පළාතේ ගුරු තුලනය කළොත් පුරප්පාඩු 100කටත් අඩු සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. පුත්තලම් දිස්ත්‍රික්කයේ ගුරුවරු 172ක අතිරික්තයක් තියනවා. නිලධාරීන් නැවත තොරතුරු එවන විට ක්‍රමානුකූලව එවන ලෙසට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.


    වයඹ පළාත් අධ්‍යාපන කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල කාර්ය සාධන තරගයෙන් ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ප්‍රථම ස්ථානයත්, මාවතගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ප්‍රථම ස්ථානයත්  හිමි කරගන්නා ලදී .

    මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී සුපුන් රාජපක්ෂ, වයඹ ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න සහ වයඹ ප්‍රධාන අමාත්‍යංශ ලේකම් පි.බී.එම්. සිරිසේන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya