මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල සිද්ධිය සමනය කිරීම ගැන අමාත්‍ය රාජිතගෙන් විවිධ පාර්ශවයන්ට ස්තූතිය

    ජූනි 26, 2014

    මා මෙරට නොසිටි මොහොතක බේරුවල සිදු වූ අවාසනාවන්ත තත්ත්වය සමනය කිරීමට ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී කැපවීමෙන් යුතුව ඉටු කළ මෙහෙවරට ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, වරාය සංවර්ධන අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ට, බේරුවල ජනතාව වෙනුවෙන් ස්තූතිවන්ත වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූ බව එම අමාත්‍යාංශය පවසයි.


    එසේම විදේශගතව සිටි ජනාධිපතිතුමා මෙරටට පැමිණි වහාම බේරුවල ප‍්‍රදේශයට පැමිණ ආගමික නායකයන් හා ජනතා නායකයන් හමු වී කඩිනමින් ගනු ලැබූ පියවරට ඉතාමත් ගෞරවයෙන් ස්තූතිවන්ත වන බව පැවසූ අමාත්‍යවරයා අගමැතිතුමා, බැසිල් රාජපක්‍ෂ අමාත්‍යතුමා, ෆවුසි අමාත්‍යතුමා, ආරක්‍ෂක ලේකම්තුමා, හමුදාපතිතුමා, පොලිස්පතිතුමා ඇතුළු ආරක්‍ෂක අංශයේ සියලුදෙනාටත්, ගැටලුව සමනය කරන්නට ඉදිරිපත් වූ බේරුවල සියලුම දෙනාටත් ස්තූතිවන්ත වන බව ද සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya