අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් රජයේ ප්‍රතිපත්තිය මෙරට ධනය ඉහළ නැංවීමට කටයුතු කරන පුද්ගලයන් සහ ආයතන උනන්දු කරවීමයි

    ජූනි 26, 2014

    මැදි ආදායම් ලබන රටක් බවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ධනය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන පුද්ගලයන්ගේ සහ ආයතනයන්හි ගෙල මිරිකීම නොව ඔවුන්ව උනන්දු කරවීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) කොළඹ පැවති දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ 14 වැනි සැසිවාරය සඳහා එක්වෙමිනි.

    හොඳ බදු පරිපාලනයක් රට තුළ පවතින්නේ නම් රජයට හිමි වන ආදායම ඉහළ අගයක් ගනී. නියමිත පරිදි බදු ගෙවන්නන් සඳහා නැවත නැවත කරදර සිදුකිරීම සමස්ත බදු එක්රැස් කිරීමේ ක්‍රියාවලියට සුබවාදී ක්‍රියාවක් නොවන බවත් නියමිත පරිදි බදු නොගෙවන්නන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළයුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය නිවැරදිව සිදු නොවන්නේ නම් රටේ සිදුවන එක් එක් ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වෙන්කිරීමට හැකියාවක් නොලැබෙන බවත් පසුගිය වසර කිහිපයක කාලයේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සේවය ඉහළින්ම ලැ‍බී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    පසුගිය වසරේදී මේ දෙපාර්තමේතුවේ ආදායම රුපියල් බිලියන 411ක අගයක් ගත්තද එම ඉලක්කයේ දී රුපියල් බිලියන 353ක ආදායමක්උපයා තිබෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා මේ වසරේදී එම ආදායම් ඉලක්කය රුපියල් බිලියන 494ක් බවද එවැනි ආදායමක් ලබා ගැනීමෙන් අයවැය තුළින් අපේ ඉදිරි කටයුතු සිදුකිරීමේ හැකියාව තිබෙන බවද පෙන්වා දුන්නේය.

    යම් යම් අවස්ථාවන්හිදී සැලකිය යුතු ප්‍රමාණයක් බදු ගෙවීමෙන් ලිස්සා යනු ඇත. ඒ මහතා රජයට හිමිවිය යුතු බදු ප්‍රමාණය නියමිත පරිදි නොලැබෙන බවද එවැනි බදු නොගෙවන්නන් සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බව ද පැවසූ අමාත්‍යවරයා මේ වෙනුවෙන් නව තාක්ෂණය උපරිමයෙන් ප්‍රයෝජනයට ගතයුතු බවත් දැනට බදු ගෙවන පිරිසට අත පොවනවා මිස බදු නොගවන්නන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නා බවට චෝදනා තිබෙන බවත් සඳහන් කළේය.

    බදු ඉලක්ක හා ආර්ථික සංවර්ධනය අතර පරස්පරය නැති කළ යුතුයි. ඌන සංවර්ධිත රටක් නොව මධ්‍ය ආදායම් ලබන මට්ටමට පැමිණි විට රටකට සහන ණය හිමි‍ නොවන බවද විවිධ කොන්දේසිවලට යටත් වීමට සිදුවන බවද ඔහු කීවේය.

    මේ රට තුළ ජාති ආගම් භේද කිසිවක් නොමැති බව සඳහන් කළ ඒ මහතා සියලු පාර්ශවයන් එක්ව රටේ ධනය, ආදායම ඉහළ නැංවීම වෙනුවෙන් පියවර ගත යුතු බවද පෙන්වා දුන්නේය.

    දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් මල්ලිකා සමරසේකර, නියෝජ්‍ය කොමසාරිස් ජනාරල්වරුන් වන කල්‍යාණි දහනායක, අයිවන් දිසානායක, නඳුන් ගුරුගේ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya