නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බීජ පනත දේශපාලන මාතෘකාවක් කරගන්න එපා

    ජූනි 26, 2014

    බීජ පනත දේශපාලන මාතෘකාවක් කර ගනිමින් ගොවීන් මුලා කිරීමට සුදානම් නොවන ලෙසත් දේශීය බීජ ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු බැවින් බීජ පනත සකස් කිරීමට පියවර ගත් නමුත් රටේ සියලුදෙනාගේ එකඟතාවකින් තොරව එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට අදහසක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

    ගොවි සංවිධානවලින් ඉල්ලීමක් කරමින් අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා බීජ පනත තමාගේ වැඩක් නොවන බව පැවසීය. එය ජාතික අවශ්‍යතාවක් බවත් බීජ පනත ගෙන ඒමට අදහස් කළේ බීජ සම්බන්ධයෙන් කිසියම් නියාමනයක් අවශ්‍ය වන නිසා බවත් ඔහු කියා සිටියේය.


    ගොවීන් සතුව පමණක් පැවැති බීජ නිෂ්පාදන අයිතිය පෞද්ගලික අංශයට ලබා දී රටට ජාතියට මහා විනාශයක් සිදු කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලයේදීයි. පෞද්ගලික අංශය විසින් පසුකාලීනව මෙරටට ආනයනය කරන ලද බීජවලට හුරු වූ නිසා දේශීය බීජ ‍කෙරෙහි ගොවීන් තුළ පැවති උනන්දුව අඩු වූ බව ඇමැතිවරයා පෙන්නා දුන්නේය.

    බීජ පනත සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට, ගොවි සංවිධානයකට හෝ ඕනෑම පක්ෂයකට හෝ අදහස් යෝජනා ඉදිරිපත් කළ හැකියි. එය පෙළපාලිවලින් පැමිණ සිදු කළ යුත්තක් නොවේ. තමා හෝ ලේකම්වරයා හෝ හමුවීමට එම සංවිධානවලින් පැමිණෙන කිහිපදෙනකුට අවස්ථාව ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා සංදේශයක් බාරදීමට පෙළපාලිවලින් පැමිණිය යුතු නැති බවත් අවධාරණය කළේය.


    දේශපාලන සංවිධාන වෙනත් අරමුණු ඇතිව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන්නේ නම් තමන් හෝ අමාත්‍යාංශය ඒ සඳහා සුදානම් නැතැයි ද ඔහු අවධාරණය කළේය. එසේ පැමිණෙන්නන්ගේ දේශපාලන අවශ්‍යතාව ඉටුකිරීමට තමා සුදානම් නොමැති බව කී අමාත්‍යවරයා කෘෂිකර්මාන්තය යොදා ගනිමින් කවුරු හෝ දේශපාලනය කරන්නේ නම් එය ඉතා පහත් ක්‍රියාවක් බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya