මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද

    ජූනි 26, 2014

    මාතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (26) මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.


    කමිටුවේ සම සභාපතිවරුන් වන තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය සහ දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිතය.


    මෙම කමිටු රැස්වීමේ දී දිවි නැඟුම, ගම නැඟුම, වාරි මාර්ග, පළාත් සභා සංවර්ධනය හා ඉඩම් සංවර්ධනය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර පසුගිය මාසයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණ ක‍්‍රියාත්මක කිරීමේදී ඇති වූ ප‍්‍රගතිය ද සමාලෝචනයට ලක්කිරීමට කටයුතු කෙරේ.


    මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ කැඳවීමෙන් පැවැත්වෙන මෙම කමිටු රැස්වීම සඳහා දිස්ත‍්‍රික්කයේ දේශපාලන නායකත්වය, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම නියෝජනය වන පරිදි සියලුම ප‍්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ කමිටුවේ සාමාජිකයන් සහභාගි වීමට නියමිතය.

     

    NDH/TI-dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya