මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට ගෙනයාමේ වැඩපිළිවෙළක්

    ජූනි 25, 2014
    මාතර දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට ගෙන යාම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාතර දිස්ත්‍රික්කයේ යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ජාතික තරුණ සේවා සභාවේ මාතර යොවුන් සවිබලකරණ මධ්‍යස්ථානයේදී පසුගියදා පැවති සුහද හමුවකදීය.
     
    "මාතර  ක්‍රීඩා පහසුකම් පිළිබඳව ද ගැටලු පවතී. ක්‍රීඩාංගණ, පෝෂණය හා කාය වර්ධනය අවශ්‍ය වන අතර එය ජාත්‍යන්තර මට්ටමට යාමේදී අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති වූ විට කොතනක හෝ නතරවීම වැළැක්විය නොහැකිය. අප වැනි රටකට එය කිරීම අපහසු වුවත් මෙය  රජයේ වගකීමකි".
     
    දැයට කිරුළ හා සමගාමීව ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන අතර ග්‍රාමීය, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ගැටලු හඳුනාගෙන ඒ සඳහා මැදිහත්වීමට තමා අපේක්ෂා කරන බව ද ජයසුරිය මහතා පැවසීය.
      
    මේ අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ මාතර සහකාර අධ්‍යක්ෂ එන්. රාජපක්ෂ, මාතර දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු ප්‍රසන්න ගලප්පත්ති, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් චන්දන ජයසූරිය හා මාතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ සභාපති දිලාන් ප්‍රමිත කුමාර යන මහත්වරුන් ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya