මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක

    ජූනි 25, 2014

    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පසුගියදා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.


    කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවා කටයුතු මෙන් ම එහි සේවා ඵලදායිතාව ද අමාත්‍යතුමාගේ ඉහළ ඇගයීමට ලක් විය. කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිවයිනේ වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි රාජ්‍ය ආයතනයක් ලෙසින් ඵලදායිතා සම්මාන හිමි කරගෙන ඇති අතර එය B ශ්‍රේණියේ කාණ්ඩයට ඇතුළත්ව තිබේ. වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි මහජන සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීමට ක්‍රම විධි රැසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ක්‍රියාත්මකයි. කඩිනමින් මහජන සේවා සපයන පෙරටු කාර්යාල ක්‍රමවේදය ඒ අතරින් වඩා සුවිශේෂී වන අතර නව තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගනිමින් කඩිනම් මහජන සේවා සැපයීම මෙම සියලු සේවාවන් හි ඵලදාව ඉහළ නැංවීමට හේතු වී තිබේ. කොත්මලේ ප්‍රාදේශිය ලේකම් එච්.එම්.ඒ.යූ.බී. හේරත් මහතාගේ මගපෙන් වීම යටතේ මෙම ඵලදායිතා ව්‍යාපෘති කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක වේ.


    මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන් ප්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ. කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙම දියුණුවත් ඔවුන් සියලුදෙනාගේම පැසසුමට ලක් වූහ.


    කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්යාලයේ නිලධාරීන් සමඟ අමාත්‍යතුමා සුහද පිළිසඳරක නිරත විය . එසේම කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු කරන්නට යෙදුණු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සමාලෝචන සැසියකට ද ඔහු සහභාගී වීමට කටයුතු කළේය.

     

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya