මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැරෂුට් වී වගා තැටි 34,600ක් කෑගල්ලේ ගොවීන්ට

    ජූනි 25, 2014
    පැරෂුට් ක්‍රමයට වී වගාව ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ වී ගොවීන්ට පැරෂුට් තැටි 34,600ක් ලබා දී ඇතැයි කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
     
     
    පැරෂුට් ක්‍රමය භාවිතයෙන් වී වගාව සිදු කිරීම තුළින් වී වගාවේ නිෂ්පාදන වියදම අවම වේ. සාමාන්‍ය ක්‍රමයට අක්කරයට ගොයම් පැළ සිටුවීමට මිනිසුන් 23ක් පමණ අවශ්‍ය වන අතර පැරෂුට් තැටි භාවිතයෙන් ඒ සඳහා අවශ්‍ය වන්නේ මිනිසුන් 5 දෙනෙකුගේ ශ්‍රමය පමණක් වීම විශේෂත්වයකි. 
     
    මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් 78 දෙනෙකුට පැරෂුට් වී වගාව පිළිබඳ පුහුණුව ලබා දී ඇත.
     
    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya