මධ්‍යම කඳුකරයට පසුගිය දිනවල ඇද හැලුණ අධික වර්ෂාවත් සමඟ බොහො ප්‍රදේශයන් හි ජනතාවගේ නිවාසවලට දැඩි අලාභ හානි සිදු විය.
ඒ හේතුවෙන් රුපියල් මිලියන 28කට අධික වටිනාකමකින් යුත් තාවකාලික සෙවිලි තහඩු අවතැන් වූ ඌව පළාතේ වතු 27ක පවුල් සඳහා බෙදා දෙන ලදී.
වැවිලි මානව සංවර්ධන භාරයේ ප්‍රතිපාදන යටතේ මෙම සෙවිලි තහඩු බෙදා දීම සිදු කරන ලද බව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ECB