මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව රැස්වෙයි

    ජූනි 25, 2014

    නුවරඑළිය දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව ඊයේ (24) නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යු.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

    දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත නුවරඑළිය දිස්ත්‍රික් ළමා රක්ෂණ අධිකාරියේ මෙහෙයවීමෙන් පැවැත්වුණු මෙම කමිටුව සඳහා දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන කටයුතු සම්බන්ධ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය පෙන්වා දුන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සුරක්ෂිත කිරීමට මූලික විය යුතු බවත් පූර්ණ ආබාධිත තත්ත්වයෙන් තොර වැඩිහිටි දරුවන් සඳහා ස්වයංරැකියා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ අනාගත සුරක්ෂිතභාවයට මනා පිටිවහලක් බවයි.

    මේ අවස්ථාවෙහි ඉදිරිපත් වූ විශේෂ යෝජනාවක් වූයේ ජංගම පුස්තකාල ක්‍රමවේදය වතුකරයේ දරුවන් ආශ්‍රිතව වඩාත් පුළුල්ව ව්‍යාප්ත කළ යුතු බවයි. එමෙන් ම නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පවතින පෙරපාසල් නිසි ප්‍රමිතියකට ලක් කළ යුතු බවට මෙහිදී නියෝජිතයන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වූ අතර පෙරපාසල් ගුරුවරුන් සහ එහි බාහිර සැකැස්ම පිළිබඳව විශේෂ අවධානයට ලක් කළ යුතු බවට අදහස් පළ විය.

    මේ අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක්, නුවරඑළිය මහ රෝහලේ නියෝජිතවරියක් සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක් ද සහභාගී වී සිටියහ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya