අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ආර්ථිකය හා ජීවනෝපාය සංවර්ධනය සඳහා වන වැඩසටහනක් පොලොන්නරුවේ දී

    ජූනි 25, 2014

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල හා එක්ව දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ක්‍රියාවට නංවන යහ පාලනය මඟින් ග්‍රාමීය ආර්ථිකය හා ජීවනෝපාය සංවර්ධනය සඳහා වන වැඩසටහන් මාලාවේ පොලොන්නරුව දිස්ත්‍රික් පුහුණු වැඩසටහන පසුගියදා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.


    පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් පබාශීලී ජයලත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවේ අදහස් දැක්වූ ඇය සඳහන් කළේ, ග්‍රාමීය සංවර්ධනයේ දී රාජ්‍ය නිලධාරියාගේ වගකීම නිසි ලෙස ඉටුකිරීම තුළින් ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය නගාසිටුවීම සඳහා ක්‍රියාශීලී සැලැස්මක් සැකසීම හා රාජ්‍ය හා වෙනත් ආයතන මඟින් ජනතාවට සපයන සේවාවන් විධිමත් කිරීම මේ මඟින් බලාපොරොත්තු වන බවයි.


    මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක කරන පුරවැසි ප්‍රඥප්තිය, ප්‍රතිඵලදායක හා ඉලක්කගත සැලසුම්කරණය, ඊ-සිටිසන් වැඩසටහන ක්‍රියාවට නැංවීම සිද්ධි කළමනාකරණය හා ප්‍රතිපත්ති පර්යේෂණය යන තේමාවන් යටතේ මේ වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතය.


    දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්ෂේත්‍ර නිලධාරීන් 40ක් පමණ ග්‍රාමීය සංවර්ධනය සඳහා කටයුතු කරන මුත් මොවුන්ගේ සේවාව නිසි ලෙස ජනතාවට ලැබෙනවාද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් එහිදී හඳුනාගත් දුර්වලතා සඳහා පිළියම් ද මේ වැඩසටහන් මඟින් ආවරණය කෙරෙන බව ද අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය පෙන්වා දුන්නාය.

     

    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya