අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා වෙළෙඳපොළට ගැළපෙන ශ‍්‍රම බලකායක් ගොඩනැගීමට සැරසේ

    ජූනි 25, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ රැකියා සේවා සපයන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය පුහුණු ආයතන එක්ව ඒකාබද්ධ යාන්ත‍්‍රණයක් සකස් කිරීම තුළින් වැඩ ලෝකයට සුදුසු ශ‍්‍රම බලකායක් ගොඩගැනීම සඳහා පවතින ගැටලු හඳුනාගැනීම හා සාකච්ඡා කිරීමේ වැඩමුළුවක් ජූනි 27 පෙරවරු 9. 00 ට මාතර - වල්ගම හේමාලි උත්සව ශාලාවේ දී  පැවැත්වේ.
     
    රැකියා වෙළෙඳපොළ තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා යොමුවීම අවම මට්ටමක පවතින බැවින් හා අදාළ තනතුරුවලට ගැළපෙන ශ‍්‍රමිකයන් සොයා ගැනීම මහත් ගැටලුවක් වී ඇති බැවින් මෙම පියවර ගන්නා ලද බව මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය රැකියා සේවා මධ්‍යස්ථානයේ මානව සම්පත් සංවර්ධන සහකාර දීප්ත රෝහණ මහතා පැවසීය.
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය රැකියා සේවා මධ්‍යස්ථානය හා ප‍්‍රජා ශක්ති සංවර්ධන පදනම එක්ව මෙම වැඩමුළුව සංවිධානය කෙරේ.
     
    DB/TI Dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya