මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් භෞතික පහසුකම් සංවර්ධනයට වත්මන් රජයේ වැඩිම අවධානයක්

    ජූනි 24, 2014
    අපේ රටේ පාසල්වල භෞතික පහසුකම් සංවර්ධනය  කරලීම සඳහා මෑත ඉතිහාසයේ වැඩිම අවධානයක් ඒ කෙරෙහි යොමු වූ යුගය වත්මන් රජය පැවැති යුගය බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කඩුවෙල, බොමිරිය  මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ පීඨය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම උත්සවය අද (24) එම විද්‍යාලයේදී පැවැත්විණ.
     
    "මහින්දෝදය තාක්ෂණාගාර  දහසක් මේ වන විට රට පුරා ඉදිවෙමින් පවතිනවා.  වෘත්තීය පුහුණු අධ්‍යාපනය වෙනුවෙන් යුනිවර්සිටි කොලේජ් (විශ්ව විද්‍යාල විද්‍යායතන) 25ක් අද මේ රටේ ඉදිවෙමින් පවතිනවා. අ.පො.ස. සාමාන්‍ය පෙළින් එළියට එන දරුවන්ට විවිධ තාක්ෂණික දැනුම ලබාදීම තමයි එහි පරමාර්ථය. එමපණක් නොවෙයි මේ පාසල්වල විවිධ අවශ්‍යතා වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්න රජය පියවර ගත්තා". 
     
    පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ යාමට එය විශාල හේතුවක් වුණා. අද  මුල්ගල් තැබූ මේ ගොඩනැගිල්ල පමණක් නොවෙයි මේ ප්‍රදේශයේ පාසල් ගණනාවක අද වන විට විශාල සංවර්ධන වැඩසටහන් ප්‍රමාණයක් සිදුකෙරෙමින් පවතිනවා.
     
    මෙම වසරේ දී ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ ප්‍රතිපාදන රුපියල් මිලියන 150ක් පමණ මේ පාසල්වල සංවර්ධනය වෙනුවෙන් යෙදවිමට කටයුතු සංවිධානය කර තිබෙන බවත් ඒ යොදවා තිබෙන මුදලට අමතරව සුසිල් ප්‍රේමජයන්ත, හෙක්ටර් බෙත්මගේ  වැනි මහත්වරුන්ගේ යෝජනාවට අනුව සුසාන භූමි වෙනුවෙන් වෙන්කළ මුදල්වලින් ද පාසල් සංවර්ධනය සඳහා මුදල් යොදවා ගැනීමට අදහස් කරගෙන තිබෙන බවද පැවසීය.
     
    "ජාතීන් අතර සමඟිය දිගින් දිගට ලියලන්න, මෝරන්න අවස්ථාව දිය යුතුයි. නමුත් මුස්ලිම් සමාජයෙන් සිංහල සමාජයේ ඉන්න විදේශ රටවල මුදල්වලින් යැපෙන ඇතැම් කල්ලි  රට අස්ථාවර කරලා මේ  දරුවන්ට ගොඩනැගෙන ස්ථාවර අනාගතය  නැවත ලේවලින් අස්ථාවර කරන්න හදනවා". 
     
    ප්‍රශ්න ඇතිනම් ඒවා විසඳා ගත යුතු බවත් එය ත්‍රස්තවාදයක් මර්දනය කළ රටකට අන්තවාදය පරාජය කරන්න අපහසු නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මේ අවස්ථාවට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ, ප්‍රදීප් උඳුගොඩ, මහේෂ් අල්මේදා, ජී. එච්. මංජුල බුද්ධදාස, කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස, එහි නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අශෝක සේනානි හේවගේ, කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති යූ.ඩී.අයි. සී.  ද සිල්වා මහතා, අවට විදුහල්වල විදුහල්පතිවරු, පාසලේ ගුරු මණ්ඩලය, දෙමව්පියේ, සිසු සිසුවියන්, ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
     
    WW bomriya 2
     
     
    WW bomriya 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya