මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර තරුණ තරුණියන්ට ඉදිකිරීම් පරීක්ෂක පාඨමාලාවක්

    ජූනි 24, 2014
    ඉදිකිරීම් ක්ෂේත්‍රයට කැමැත්තක් දක්වන මාතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිකිරීම් පරීක්ෂක පාමාලාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ජාතික තරුණ සේවා සභාවේ මාතර ශ්‍රී ලංකා යූත් රැකියා බැංකුවේ සහයෝගය ඇතිව බෙරන්ඩිනා රැකියා සේවා ආයතනය හා  ඉදිකිරීම් තාක්ෂණ ආයතනය එක්ව පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.
     
    අ.පො.ස. සා. පෙළ ගණිතය සම්මාන සාමාර්ථයක් සහිතව සමත් අයට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. පාඨමාලාවේ කාලය මාස 06කි. අනතුරුව මාස 09ක ආයතනගත පුහුණුවක් ද ලබා දෙන අතර පුහුණුවෙන් පසුව රැකියා සඳහා යොමු කෙරේ.
     
    පාඨමාලා ගාස්තුව රුපියල් 40, 000කි. ඉන් අඩක් බෙරන්ඩිනා රැකියා සේවා ආයතනය මඟින් දරනු ලැබේ. ඉතිරි මුදල රැකියා සඳහා අනුයුක්ත කළ පසුව වාරික ලෙස ගෙවීමේ අවස්ථාව ලබා දී ඇත.
     
    අයදුම්පත් හා වැඩි විස්තර ජාතික තරුණ සේවා සභාවේ මාතර ශ්‍රී ලංකා යූත් රැකියා බැංකුවෙන් ලබා ගත හැකි බව ජාතික තරුණ සේවා සභාවේ මාතර සහකාර අධ්‍යක්ෂ එන්. රාජපක්ෂ මහතා පැවසීය.
     
    DB/TI Dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya