අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට දියුණුව කරා යන මොහොතේ ජාතීන් අතර සාමය, සහජීවනය වැදගත්

    ජූනි 24, 2014
    පුරා වසර තිහක් රටේ පැවති දරුණු ත්‍රස්තවාදය අවසන්කර රට දියුණුව කරා යෑමේදී ජාතීන් අතර සාමය සහ සහජීවනය ඉතා වැදගත් බවද ඒ බව වටහා ගෙන සියලු ජනකොටස් ඉවසීමෙන් සහ වගකීමෙන් යුක්තව කටයුතු කළ යුතු බවද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
     
    යම් රටක ජාතීන් අතර සාමය සහ සහජීවනය නොමැති වුවහොත් ආර්ථික දියුණුව බිඳ වැටෙන බවද ශ්‍රී ලංකාවේ ඇතිවෙමින් පවතින දියුණුව දකින ඇතැම් රටවල් එම දියුණුව අඩපණ කිරීමට ජාති සහ ආගම් භේද ඇති කිරීමට කටයුතු කරන බැවින් සාමය සහ සහජීවනය පවත්වාගෙන යෑමට අප සියලු දෙනා ඇප කැප විය යුතු බවද අමාත්‍ය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බියගම මල්වාන අල් මුබාරක් ජාතික පාසැලට මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමෙන් අනතුරුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එහිදී පැවති උත්සව සභාවේදීය.
     
    දිවයින පුරා මහින්දෝදය විද්‍යා පීඨ 250ක් ඉදිකරන අතර එය ගොඩනැගීම සහ උපකරණ සඳහා එක් තාක්ෂණික පීඨයක් සඳහා වැයකරන මුදල රුපියල් දස ලක්ෂ 65කි.
     
    " වසර 30ක් රටේ කුරිරු යුද්ධයක් පැවතුණා. ඉන් සිංහල, ද්‍රවිඩ සහ මුස්ලිම් හැම කොටසක්ම බැට කෑවා. උතුරු නැගෙනහිර පළාත්වලින්  මුස්ලිම් ජනතාව ලක්ෂ 03ක් එලෙව්වා. කොටි ත්‍රස්තවාදීන් විසින් කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියට කඩා වැදී යාඥා කරමින් සිටි මුස්ලිම් බැතිමතුන්ට වෙඩිතබා අමු අමුවේ මරා දැම්මා. දැන් සාමය උදාවීමත් සමඟම ප්‍රශ්න විසඳිලා. 
     
    යුද්ධයෙන් රට ආපස්සට ඇද වැටුණා. පාසැල් දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වුණා. රට මහා ප්‍රපාතයකට ඇද වැටී තිබුණා. දැන් සියලු තත්ත්වයෙන් මිදිලා. විද්‍යාවේ සහ තාක්ෂණයේ විශාල දියුණුව සමඟ නව දැනුමෙන් ලෝකය අත්වැල් බැඳගෙන. එම දැනුම ශ්‍රී ලංකාවේ දරුවන්ට ලබාදීමට රජය කටයුතු කරනවා. මහින්දෝදය විද්‍යාගාර 1000ක් දිවයිනේ පාසැල් දහසක ඉදිවෙනවා. මහින්දෝදය තාක්ෂණික විද්‍යා පීඨ 250ක් ඉදිකිරීම ආරම්භ කළා. අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රජය විශාල ආයෝජනයක් සිදු කළා." අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
     
    මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, විදුහල්පති එම්.ටී.එම්. හම්සා, මීගමුව මහාධිකරණ විනිසුරු එම්.එම්.ඒ. ගෆූර්, බියගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා අයි. චන්ද්‍රලතා, බියගම ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. පුෂ්පමාලා, පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයලත්, බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොළ යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.   
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya