අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ සම්මන්ත‍්‍රණය 27දා

    ජූනි 24, 2014
    විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ව මාතර දිස්ත‍්‍රික්කයේ ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ලබන 27දා පස්වරු 1.00ට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
     
    අවම පිරිවැයක් මඟින් ගුණාත්මක විදුලි සැපයුමක් තහවුරු කිරීම, විදුලි පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු කිරීමෙහිලා ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යභාරය, විදුලි අනතුරුවලින් තොර ශ‍්‍රී ලංකාවක් උදෙසා විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ව දැනුවත්වීම මඟින් තම ආරක්ෂාව සලසා ගැනීම හා විදුලි සැපයුමට අදාළ ආරවුල් නිරාකරණය කෙරෙන ආකාරය යන මාතෘකා යටතේ මෙහිදී කරුණු ඉදිරිපත් කෙරේ.
     
    ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි හේරත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. ඩී. සී. ජයමාන්න හා සහකාර අධ්‍යක්ෂ අමිල රාජපක්ෂ මහත්වරු සම්පත් දායකත්වය සපයති.
     
    මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම නියෝජනය වන පරිදි 250කට ආසන්න පිරිසක් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
     
    ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහ මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් මෙම දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණය පවත්වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ මාතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරි ඩී.කේ. ප‍්‍රදීපා මෙනෙවිය ප‍්‍රකාශ කළාය.
     
    DB/TI Dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya