අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසු පරපුර ලොව රටවල් සමඟ ඉදිරියට යාමට හැකි ලෙස සන්නද්ධ කරනවා

    ජූනි 24, 2014
    තිස් වසරක යුද්ධය හේතුවෙන් ආපස්සට ගිය ශ්‍රී ලංකාව ලොව අන් රටවල් සමඟ ඉදිරියට යාමට විද්‍යාව හා තාක්ෂණ දැනුම කේන්ද්‍රිය ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය බවත්, ඒ සඳහා සිසු පරපුර විද්‍යාව හා තාක්ෂණ විෂයෙන් සන්නද්ධ කිරීමට කටයුතු කරන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 
     
    ප්‍රථම වතාවට විද්‍යාව හා තාක්ෂණ විෂය ධාරාව පාසල් විෂය මාලාවට ඇතුළත් කර ඊට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ලබා දීමට ජනාධිපතිතුමා ප්‍රම්‍රඛ රජය කටයුතු කර ඇති බවත් පැවසීය.
     
    ගම්පහ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය, කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය, බියගම මධ්‍ය මහා විද්‍යාලය, බියගම අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලය සහ හේනේගම මධ්‍ය මහා විද්‍යාල‍යේ මහින්දෝදය තාක්ෂණ පීඨ සඳහා මුල්ගල තැබී‍මේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය. 
     
    ජනාධිපතිතුමා  රටට සාමය උදා කළා සේම, රට සංවර්ධනය කරමින් මැදි ආදායම් සහිත රටක් බවට පත්කළ බවත් රට තවදුරටත් සංවර්ධිත රටක් බවට පත් කිරීමට අවශ්‍ය දැනුම කේන්ද්‍රිය ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය මානව සම්පත ඇති කිරීම සඳහා අධ්‍යාපන අංශයට විශාල ආයෝජනයක් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
     
    මහින්ද චින්තන ජාතික පුනර්ජීවන වැඩසටහනට අනුව මහින්දෝදය තාක්ෂණ පීඨ 250ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම විද්‍යාගාර ඉදිවන අතර තාක්ෂණවේදය විෂය ධාරාවන් සඳහා ඇතුළත් වන්නාවූ ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයයන්ගේ ඉගැන්වීම් කටයුතු  සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සඳහා මෙම තාක්ෂණ පීඨ ඉදිකරනු ලැබේ. මහින්දෝදය තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වැයකරනු ලබන මුදල රුපියල් මිලියන 25කි. අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට තවත් රුපියල් මිලියන 40ක් වැය කරනු ලැබේ. ඒ අනුව එක් මහින්දෝදය තාක්ෂණ පීඨයක් සඳහා වැය කරනු ලබන මුලු මුදල රුපියල් මිලියන 65ක් වේ. 
     
    කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ පීඨය සඳහා මුල්ගල තැබී‍මේ අවස්ථාවට සමගාමිව විද්‍යාලීය පිහිනුම් තටාකයට මුල්ගල තැබීම සහ කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබිමද අමාත්‍යවරයා අතින් සිදු විය. 
     
    මෙම උත්සව අවස්ථාවන් සඳහා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, දුලිප් විජේසේකර, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උපාලි ගුණරත්න, රවි විජේසේකර, සහන් ප්‍රදීප්, විද්‍යාලයන් හි විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසුහු එක්ව සිටියහ.
     
    DB
     
    MP BR MAHINDODAYA 1
     
     
    MP BR MAHINDODAYA 2
     
    MP BR MAHINDODAYA 3
     
    MP BR MAHINDODAYA 4
     
    MP BR MAHINDODAYA 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya