මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහෝදරත්වයේ සාම පාගමන නුවරඑළියේ දී

    ජූනි 24, 2014
    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වුණු සමාජ ඒකබද්ධතා කඳවුර පසුගියදා නිමාවට පත්විය. 


    මෙම තරුණ  කඳවුරට සමගාමීව පැවැත්වූ සහෝදරත්වයේ සාම පාගමනක් ද ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

     

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට නුවරඑළිය ස්මරණ ශාලාව දක්වා මෙම පාගමන පැවැත්වුණු අතර ඒ සඳහා සිංහල දෙමළ මුස්ලිම් තරුණ තරුණියන් 100කට ආසන්න පිරිසක් සහභාගී සිටියහ. එමෙන්ම දිස්ත්‍රික්කයේ සියලුම ආගමික නායකයන් මේ සඳහා සහභාගී වී සිටි අතර නුවරඑළිය කලාපයේ සිංහල, දෙමළ, මුස්ලිම් සහ කතෝලික පාසල්හි දූ දරුවන් රැසක් ද මේ සඳහා සහභාගී වී සිටියහ. විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසකින් ද මෙම සාම පාගමන සමන්විත විය.

     

    පාගමන අවසානයේ උත්සව සභාව ආමන්ත්‍රණය කළ අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසා සිටියේ පොදු ජනතාව කුපිත කරවා එමඟින් වාසි ලබා ගැනීමට සුළුතරයට ඉඩ නොදිය යුතු බවයි. පොදු ජනතාව ජාති, ආගම් ලෙස වර්ගවාදීව බෙදීම සිදු කළ නොහැකි බවත් නීතියේ ආධිපත්‍ය ජාති ආගම් බේද නොසලකන බවත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බවත් ය.

     

    මෙම අවස්ථාවට සහභාගී වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පෙන්වා දුන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙසෙන සියලුම ජාතීන්ට අයත් ප්‍රජාව ඔවුනොවුන්ගේ ආගමික උත්සව සහ අනෙකුත් උත්සව අවස්ථාවන්හි දී සහෝදරත්වයෙන් ක්‍රියා කරන බවත් සුළු සිදුවීමක් වර්ගවාදී ගැටුමක් දක්වා වර්ධනය කර ගැනීම ඉතා දුර්වල මානසික මට්ටමක් බවත්ය.

     

    මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ තරුණ මන්ත්‍රීවරයෙකු සහභාගී වී සිටිම සුවිශේෂ වූ අතර මධ්‍යම පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රී රාජා රාම් මහතා ද සහභාගී වී සිටියේය. 

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya